මිදිගම කර්මාන්තශාලාවක සේවකයින් පිරිසක් විරෝධතාවයක

මිදිගම ප්‍රදේශයේ පවත්වාගෙන කර්මාන්තශාලාවක සේවකයින් පිරිසක් එම ආයතනය ඉදිරිපිට ඊයේ (24) දැවැන්ත විරෝධතාවයක නිරත වුණා.

මෙම කර්මාන්තශාලාව තුළ රබර් ආශ්‍රිත නිෂ්පාදනයන් සිදුකරන අතර, එම නිෂ්පාදන විදේශීය රටවල්වලට අපනයන කිරීම සිදුකරනු ලබනවා.

මෙම කර්මාන්තශාලාවේ හිමිකාරිත්වය ප්‍රංශ සමාගමක් විසින් දරා ඇති අතර, පසුගියදා එය ඉන්දියානු සමාගමකට විකුණා ඇති බවයි වාර්තා වන්නේ.

මෙම කර්මාන්තශාලාවේ සේවකයන් දහසකට වඩා ඉතා දීර්ඝ කාලයක සිට සේවය කරන බවයි වාර්තා වුණේ.

කර්මාන්තශාලාව හිටි හැටියේම වෙනත් සමාගමකට විකිණීම සමඟ එහි සේවය කරන තමන්ගේ රැකියාව අනතුරුදායක තත්ත්වයකට පත්ව ඇති බවයි විරෝධතාවයේ නිරත සේවකයින් සඳහන් කළේ.

ඒ, අනුව මෙම ආයතනය වෙනත් සමාගමට විකිණීම වෙනුවෙන් සාධාරණ මුදලක් පෙර සමාගමට ලබාදෙන ලෙසත්, එසේ නොමැති නම් සේවකයන්ට රැකියාවෙන් ඉවත්වීම සඳහා සාධාරණ වන්දි මුදලක් ලබාදෙන ලෙසත්, එසේත් නැත්නම් විකිණීමට පෙර තිබූ ආයතනයේ සේවය කිරීමට අවස්ථාව ලබාදෙන ලෙස ඉල්ලා එහි සේවකයින් මෙලෙස විරෝධතාවයේ නිරත වුණා.

කම්කරු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් පැමිණ විරෝධතාවයේ නිරත සේවකයින් හමුවී පවතින ගැටලු සම්බන්ධයෙන් ඉදිරි දින කීපය තුළ සාකච්ඡාවකට යොමු කිරීමට එකඟතාවයකට පැමිණීමෙන් පසු විරෝධතාවය තාවකාලිකව අත්හිටුවීමට විරෝධතාකරුවන් කටයුතු කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
5
+1
2
+1
10
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10