මිද්දෙණිය ත්‍රිත්ත්ව ඝාතනයේ වෙඩික්කරු ඇතුළු සිව්දෙනෙකු අත්අඩංගුවට – මේ දක්වා සැකකරුවන් 11කට මාංචු

මිද්දෙණිය ත්‍රිත්ත්ව ඝාතනයේ වෙඩික්කරු ඇතුළු සිව්දෙනෙකු අත් අඩංගුවට – කාන්තාවකුත් ඒ අතර

පසුගිය 18 වැනි දා මිද්දෙණිය – කඩේවත්ත හන්දියේ දී වෙඩි තබා ත්‍රිත්ත්ව මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීමේ අපරාධයට සම්බන්ධ වෙඩික්කරු ඊයේ (05) පොලිසිය විසින් අත් අඩංගුවට ගනු ලැබුවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්‍යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්‍යාංශය විසින් සිදු කරන ලද දීර්ඝ විමර්ශනවලින් අනතුරුව ඊයේ දහවල් කාලයේ දී වෙඩික්කරු ව කටුවන ප්‍රදේශයේ දී මිද්දෙණිය පොලිස් කණ්ඩායමක් මගින් අත් අඩංගුවට ගත් බවයි.

වෙඩික්කරු ලෙස ක්‍රියා කළ සැකකරු 42 හැවිරිදි කටුවන ප්‍රදේශයේ ම පදිංචිකරුවෙක්.

මීට අමතර ව මෙම මනුෂ්‍ය ඝාතනයට ආධාර අනුබල දීම හා කුමන්ත්‍රණය කිරීම සම්බන්ධයෙන් ද තවත් සැකකරුවන් දෙදෙනකු සහ සැකකාරිණියක් අත් අඩංගුවට ගැනුණා.

ඒ ඊයේ දහවල් කාලයේ දී කැන්දකැටිය හා වීරකැටිය යන පොලිස් වසම්වලදීයි.

අත් අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 24 හා 28 යන වයස්වල පසුවන්නන් වන අතර සැකකාරිණිය 25 හැවිරිදි වියෙහි පසුවනවා.

ඇය රන්න ප්‍රදේශයේ පදිංචිකාරිණියක්.

මෙම වෙඩි තැබීමෙන් මිද්දෙණිය ප්‍රදේශයේ විසූ 39 හැවිරිදි අරුණ විදානගමගේ සහ ඔහුගේ සයහැවිරිදි හා නව හැවිරිදි වියෙහි පසු වූ පුතු සහ දියණිය ද ජීවිතක්ෂයට පත් වුණා.

ඝාතනයට සම්බන්ධව මේ වන විට සැකකරුවන් 10 දෙනෙකු සහ එක් සැකකාරිණියක් අත් අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්‍යාංශය සහ මිද්දෙණිය පොලිසිය විමර්ශන සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13
Video thumbnail
අජිත්ගේ අධි නීතිඥකමක් නිසා සජිත් හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි.."රටේ අධි නීතිඥ කියලා තනතුරක් නෑ"
03:46
Video thumbnail
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ රාජපක්ෂලා..වැස්ස නවත්තන්න ඇයි අනුර, වැහි දෙයියො ද ?
10:37
Video thumbnail
විපතට පත්වූවන්ට පිහිටවෙන්න "අප්පච්චි" එයි.."අප්පච්චි බුදුවෙන්න ඕනේ මිහිපිටට දිව්‍ය පුත්‍රයෙක්"
06:42
Video thumbnail
විශේෂ පාර්ලිමේන්තු විවාදය 2025.12.19
00:00
Video thumbnail
"ගෝඨාගේ ආණ්ඩුවට වෙච්ච දේමයි මේකට වෙන්නෙත්"වැඩ දන්නවනම් මෙහෙම ඇ#ගන්නේ නෑනේ..
08:33


?