මිද්දෙණිය ත්‍රිත්ත්ව ඝාතනයේ වෙඩික්කරු ඇතුළු සිව්දෙනෙකු අත්අඩංගුවට – මේ දක්වා සැකකරුවන් 11කට මාංචු

මිද්දෙණිය ත්‍රිත්ත්ව ඝාතනයේ වෙඩික්කරු ඇතුළු සිව්දෙනෙකු අත් අඩංගුවට – කාන්තාවකුත් ඒ අතර

පසුගිය 18 වැනි දා මිද්දෙණිය – කඩේවත්ත හන්දියේ දී වෙඩි තබා ත්‍රිත්ත්ව මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීමේ අපරාධයට සම්බන්ධ වෙඩික්කරු ඊයේ (05) පොලිසිය විසින් අත් අඩංගුවට ගනු ලැබුවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්‍යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්‍යාංශය විසින් සිදු කරන ලද දීර්ඝ විමර්ශනවලින් අනතුරුව ඊයේ දහවල් කාලයේ දී වෙඩික්කරු ව කටුවන ප්‍රදේශයේ දී මිද්දෙණිය පොලිස් කණ්ඩායමක් මගින් අත් අඩංගුවට ගත් බවයි.

වෙඩික්කරු ලෙස ක්‍රියා කළ සැකකරු 42 හැවිරිදි කටුවන ප්‍රදේශයේ ම පදිංචිකරුවෙක්.

මීට අමතර ව මෙම මනුෂ්‍ය ඝාතනයට ආධාර අනුබල දීම හා කුමන්ත්‍රණය කිරීම සම්බන්ධයෙන් ද තවත් සැකකරුවන් දෙදෙනකු සහ සැකකාරිණියක් අත් අඩංගුවට ගැනුණා.

ඒ ඊයේ දහවල් කාලයේ දී කැන්දකැටිය හා වීරකැටිය යන පොලිස් වසම්වලදීයි.

අත් අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 24 හා 28 යන වයස්වල පසුවන්නන් වන අතර සැකකාරිණිය 25 හැවිරිදි වියෙහි පසුවනවා.

ඇය රන්න ප්‍රදේශයේ පදිංචිකාරිණියක්.

මෙම වෙඩි තැබීමෙන් මිද්දෙණිය ප්‍රදේශයේ විසූ 39 හැවිරිදි අරුණ විදානගමගේ සහ ඔහුගේ සයහැවිරිදි හා නව හැවිරිදි වියෙහි පසු වූ පුතු සහ දියණිය ද ජීවිතක්ෂයට පත් වුණා.

ඝාතනයට සම්බන්ධව මේ වන විට සැකකරුවන් 10 දෙනෙකු සහ එක් සැකකාරිණියක් අත් අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්‍යාංශය සහ මිද්දෙණිය පොලිසිය විමර්ශන සිදු කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බන්ධනාගාරවල ඇතිවූ නොසන්සුන්තාව ගැන අධිකරණ ඇමති කට අරියි - කිසිම චාන්ස් එකක් නෑ කුමන්ත්‍රණ කරන්න
02:34
Video thumbnail
කුරුවිට බන්ධනාගාරයට ආ ආරක්ෂක අංශ පිටව ගිය හැටි - කට්ටිය පෝළිමට එළියට
03:15
Video thumbnail
අකිලගේ ආරක්ෂාව ගැන බන්ධනාගාර කොමසාරිස්ට එජාපයෙන් ලිපියක් - එතුමාගේ ජීවිතේ අනතුරේ
01:29
Video thumbnail
අර්චුනා හදිසියේම නැගිටියි - රට බෙදන කතා මම කිව්වේ නෑ..එහෙම එකක් දෙමළෙන් කිව්වේ නෑ
01:37
Video thumbnail
මධ්‍යම පළාත් නව ආණ්ඩුකාරවරයා චාම්ව වැඩ භාරගත් අයුරු - "ජනපති විශාල වගකීමක් මට භාරදුන්නේ"
07:43
Video thumbnail
මට හාර්ට් ඇටෑක් - අපි මැ#ණත් කමක් නෑ - අපේ ළමයි ටික ඕනි සර්..මුන් අපිව පන්නනවා
01:41
Video thumbnail
ශ්‍රී ලංකා නීතිඥ සංගමය කාදිනල් හිමියන් හමුවෙයි - සංශෝධනය ගැන අපි දීර්ඝ සාකච්ඡාවක් කලා
04:26
Video thumbnail
අනුරාධපුර බන්ධනාගාරයෙත් ආරක්ෂාව තර කරයි - ප්‍රදේශයටම යුද හමුදාව යොදවයි
03:13
Video thumbnail
පොලිසියට වෙට්ටු දදා ගිය තරුණයා - "චිත්‍රපටියක වගේ..ළමයෝ නවත්තනවකෝ.."
01:01
Video thumbnail
මීගමුව ගැටුමට සම්බන්ධන සෙට් එක නැවත බන්ධනාගාරයට - මුණුත් වහගෙන ගිය හැටි
02:33