මිචෙලින් සමාගමේ උද්ඝෝෂණය කළ සේවකයින් වෙනුවෙන් ආයතනයෙන්ම සහතිකයක් (නිවේදනය)

2025 මැයි මස 23 වැනි දින පස්වරුවේ සිට Michelin Lanka පෞද්ගලික කර්මාන්ත ශාලාවේ සේවක පිරිසක් විසින් ව්‍යාපාරය ඉදිරියට පවත්වාගෙන යාමට බලපෑම් ඇති කරන ආකාරයෙන් කටයුතු සිදු කර ඇති බව වාර්තා වනවා.

මිදිගම පිහිටි මෙම කර්මාන්ත ශාලාවේ සේවකයින් විසින් සියැට් (CEAT) සමූහයේ රැකියා සඳහා සියැට් සමූහයට මාරුවන සියලු සාමාජිකයින් සමගින් විවෘත ව සාකච්ඡා කිරීමට තම සමාගම කැප වී සිටින බවයි Michelin Lanka සමාගම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.

ගෝලීය පාරිභෝගිකයින් වෙත අඛණ්ඩ ව නිෂ්පාදන හා සේවා සැපයීම සඳහා කාර්මික සමගිය මනාව තිබිය යුතු බැවින් මෙකී අවාසනාවන්ත සිදුවීම හේතුවෙන් ඇති වූ දුෂ්කරතාව පිළිබඳ ව Michelin Lanka සමාගම සිය කනගාටුව පළ කර සිටිනවා.

මිචලින් හා සියැට් සමාගම් අතර වන එකඟතා ගිවිසුම තුළින් රැකියා මාරුවීම් සිදු කරන සියලු සාමාජිකයින්ගේ රැකියා සුරක්ෂිතභාවය සහ ඔවුන්ගේ ජ්‍යේෂ්ඨත්වය ඒ අයුරින් ම ඉදිරියට පවත්වාගෙන යාමට සියැට් සමූහය කටයුතු කරන බව මිචලින් ලංකා ලෙස නැවත නැවතත් අදාළ සමාගම සිය නිවේදනයේ අවධාරණය කරනවා.

මෙම හුවමාරුවේ දී රැකියා වෙළෙඳපොළේ ප්‍රමිතීන් හා සැසඳීමේ දී සැලකිය යුතු ආකාරයේ ඉහළ වැටුප් හා ප්‍රතිලාභ පැකේජ ඇතුළු වෘත්තීය නියමයන් හා කොන්දේසි පවත්වාගෙන යාමට කටයුතු කරනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
6
+1
3
+1
7
+1
3
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විමල්ගේ සත්‍යග්‍රහය ජය ඝෝෂා මැද අවසන් වෙයි
01:45
Video thumbnail
යතුරුපැදියකින් ඇවිත් මහපාරේ යන වාහනවලට ගැ#ව පුද්ගලයා අත්අඩංගුවට
01:16
Video thumbnail
ලාල් කාන්ත මිහින්තලේ හිමිගෙන් සමාව ගන්න
04:26
Video thumbnail
ලාල් කාන්ත මිහින්තලේ හිමිට කියූ වාග් ප්‍රහාරය නිසා කැබිනට් මාධ්‍ය හමුව රත්වෙයි..
05:40
Video thumbnail
2027 වසරට කල් දැම්ම පුවත, සත්‍යග්‍රහයේ සිට විමල් බලයි..සතුටට කට්ටිය ප්‍රීති ඝෝෂා තියයි
00:58
Video thumbnail
අපි ගත්ත තීන්දු විමල් වීරවංශට උපවාසය නවත්තන්න හේතුවක් වෙන්නේ නෑ
05:57
Video thumbnail
ලාල් කාන්තගේ ප්‍රකාශයට මිහින්තලේ හිමි CIDයට එයි
06:00
Video thumbnail
AIවලින් රටක් කරන්න බෑනේ..එහෙනම් ට්‍රම්ප් කරනවනේ..ළමයි රොබෝලා කරලා රටක් දියුණු කරන්න පුළුවන්ද?
09:16
Video thumbnail
6 ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරට කල් දැමේ..වගකිය යුතු නිලධාරින්ට දැඩි විනය ක්‍රියාමාර්ග
03:43
Video thumbnail
ලාල් කාන්තලාට ඒ කාලේ කන්න දුන්නේ හාමුදුරුවෝ
04:07


?