ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් යළිත් වරක් පාකිස්ථාන ජාතික කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුර භාරගැනීමට කැමැත්ත පළකර තිබෙනවා.
ඒ, පාකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය සිදුකළ ආරාධනයකට අනුවයි.
මේ වනවිට පාකිස්ථාන කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන සක්ලයින් මුෂ්ටාක්ගේ කොන්ත්‍රාත් කාලය ලබන පෙබරවාරියෙන් අවසන් වනවා.
ඔහුගේ එම කොන්ත්‍රාත් කාලය අවසන් වීමත් සමඟ මිකී ආතර් එම තනතුරේ වැඩ ආරම්භ කරනු ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.
54 හැවිරිදි වියේ පසුවන ආතර් 2016 වසරේ මැයි 06 වනදා සිට 2019 අගෝස්තු 07 වනදා දක්වා කාලය තුළ පාකිස්ථාන පුහුණුකරු ලෙස කටයුතු කළා.
එම කාලය තුළ පාකිස්ථානය 2016 වසර් දී අංක එකේ ටෙස්ට් කණ්ඩායම බවට පත් වූ අතර, 2017 වසරේ දී චැම්පියන්ස් කුසලානය දිනා ගැනීමට ද සමත් වුණා.
ආතර් පාකිස්තානයට ලොව අංක 01 විස්සයි විස්ස කණ්ඩායම බවට පත්වීමට ද කැපවී කටයුතු කළ අයෙක්.













