මැර ප්‍රහාරයක් එල්ල වූ ඇඟලුම් කම්හල් හිමිකරුවන් ලංකාවෙන් යයි ද? (වීඩියෝ)

දේශපාලන බලපෑම්වලින් තොරව ස්වාධීනව තම ඇඟලුම් කම්හලේ මෙහෙයුම් කටයුතු සිදු කිරීමට අවස්ථාව සලසා දෙන ලෙසට පසුගියදා කිසියම් පිරිසක් විසින් පහරදීමක් සිදු කරනු ලැබූ කටාන හල්පේ ප්‍රදේශයේ ඇඟලුම් කම්හලේ ඕමාන හිමිකරු බලධාරීන්ගෙන් ඉල්ලීමක් කරනවා.

දසත ලංකා පුවත් සමග විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු අවධාරණය කළේ තම ආයතනයේ ක්‍රියාකාරීත්වයට දේශපාලන බලපෑම් එල්ලවෙමින් පවතින බවයි.

දේශපාලන මැදිහත් වීම්වලින් ආයතනයේ පරිපාලනයට සේවකයන් බඳවා ගැනීම මෙම තත්ත්වයට හේතුවී ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

එම දේශපාලන බලපෑම් අවම කර ඇඟලුම් කම්හල පවත්වාගෙන යාමට ආරක්ෂාකාරී වටපිටාවක් නිර්මාණය කරන දෙන ලෙසට ඔහු බලධාරීන්ගෙන් ඉල්ලීමක් කරනවා.

පසුගිය මාර්තු මස 30 වනදා රාත්‍රී මෙම කම්හලට මැර ප්‍රහාරයක් එල්ලවූ අතර ප්‍රදේශය නියෝජනය කරන රාජ්‍ය අමාත්‍යවරයෙකුගේ හිතවතුන් බව පවසමින් කම්හල් පරිශ්‍රයට ඇතුලු වූ පිරිසක් විසිනුයි එම මැර ක්‍රියාව සිදු කර තිබුණේ.

එහිදී කම්හලේ හිමිකරුට අමානුෂික ලෙසට පහරදී ඔහුගේ නිල නිවාසයට සහ වාහනයකට ද හානි කර තිබුණා.

මෙම තත්ත්වය මත ඇඟලුම් කම්හල එම ස්ථානයෙන් ඉවත් කර වෙනත් ප්‍රදේශයකට රැගෙන යාමටයි එහි බලධාරීන් තීරණය කර ඇත්තේ.

මේ සම්බන්ධයෙන් රජය දැනුවත් කර ඇති අතර ඊට ලැබෙන ප්‍රතිචාරය මත ඉදිරි තීරණ ක්‍රියාත්මක කරන බව ද ඇගලුම් කම්හල් හිමිකරු ප්‍රකාශ කළා.

https://www.youtube.com/watch?v=Fv6nQPSxzb8
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
මේ ආණ්ඩුවට බෑ කියලා උඩ ඉන්න දෙයියෝත් දන්නවා
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26