මැර ප්‍රහාරයක් එල්ල වූ ඇඟලුම් කම්හල් හිමිකරුවන් ලංකාවෙන් යයි ද? (වීඩියෝ)

දේශපාලන බලපෑම්වලින් තොරව ස්වාධීනව තම ඇඟලුම් කම්හලේ මෙහෙයුම් කටයුතු සිදු කිරීමට අවස්ථාව සලසා දෙන ලෙසට පසුගියදා කිසියම් පිරිසක් විසින් පහරදීමක් සිදු කරනු ලැබූ කටාන හල්පේ ප්‍රදේශයේ ඇඟලුම් කම්හලේ ඕමාන හිමිකරු බලධාරීන්ගෙන් ඉල්ලීමක් කරනවා.

දසත ලංකා පුවත් සමග විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු අවධාරණය කළේ තම ආයතනයේ ක්‍රියාකාරීත්වයට දේශපාලන බලපෑම් එල්ලවෙමින් පවතින බවයි.

දේශපාලන මැදිහත් වීම්වලින් ආයතනයේ පරිපාලනයට සේවකයන් බඳවා ගැනීම මෙම තත්ත්වයට හේතුවී ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

එම දේශපාලන බලපෑම් අවම කර ඇඟලුම් කම්හල පවත්වාගෙන යාමට ආරක්ෂාකාරී වටපිටාවක් නිර්මාණය කරන දෙන ලෙසට ඔහු බලධාරීන්ගෙන් ඉල්ලීමක් කරනවා.

පසුගිය මාර්තු මස 30 වනදා රාත්‍රී මෙම කම්හලට මැර ප්‍රහාරයක් එල්ලවූ අතර ප්‍රදේශය නියෝජනය කරන රාජ්‍ය අමාත්‍යවරයෙකුගේ හිතවතුන් බව පවසමින් කම්හල් පරිශ්‍රයට ඇතුලු වූ පිරිසක් විසිනුයි එම මැර ක්‍රියාව සිදු කර තිබුණේ.

එහිදී කම්හලේ හිමිකරුට අමානුෂික ලෙසට පහරදී ඔහුගේ නිල නිවාසයට සහ වාහනයකට ද හානි කර තිබුණා.

මෙම තත්ත්වය මත ඇඟලුම් කම්හල එම ස්ථානයෙන් ඉවත් කර වෙනත් ප්‍රදේශයකට රැගෙන යාමටයි එහි බලධාරීන් තීරණය කර ඇත්තේ.

මේ සම්බන්ධයෙන් රජය දැනුවත් කර ඇති අතර ඊට ලැබෙන ප්‍රතිචාරය මත ඉදිරි තීරණ ක්‍රියාත්මක කරන බව ද ඇගලුම් කම්හල් හිමිකරු ප්‍රකාශ කළා.

https://www.youtube.com/watch?v=Fv6nQPSxzb8
  1. මෙවන් අමන දේශපාලුවන් නිසා. අපේම අනාගතය අප රටට ලැබෙන ආයෝජන දිනෙන් දින නැති වෙමින් පවති. ජනපති මැදිහත්ව මෙවන් බුරන බල්ලන් දේශපාලකයන් දේශපාලනයෙන් අතුගා දවන තුරු රටට ආයෝජන එන එක මෙන්ම ඩොලර් අර්බුද සදාකල් පවතිනු ඇත. ජනපතිගේ අවදානය යොමු වේවා



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බල්තසාර්ට විතරක් බොලේ පාස් කරලා හරියන්නේ නෑ
04:28
Video thumbnail
කොළඹ නගර සභා රැස්වීමේ බලධාරීන් නිදි - කොළඹ ඔයින් බේරුණා ඇති
00:37
Video thumbnail
මාලිමා නගරාධිපති පගා අරගෙන - සාගරගෙන් හෙළිදරව්වක්
14:43
Video thumbnail
අධිකරණ නියෝගය නීති විරෝධීයි - ගම්මන්පිලගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
09:13
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැදින් CCIBයට ආ ගෝඨා පිටව ගිය හැටි
00:36
Video thumbnail
මහානායක හාමුදුරුවන්ට මොළේ නෑ - මහා නායකකම දීලා අයින් වෙන්න
05:59
Video thumbnail
මරික්කාර් පොල් ගෑවද.. ප්‍රසිද්ධ නාළිකාවට මරික්කාර් කට උත්තර නැතිවෙන්නම දෙයි
04:49
Video thumbnail
ප්‍රහාරය අශිෂ්ටනම් ප්‍රතිප්‍රහාරයේ ශිෂ්ථත්වය හොයන්න ඕනේ නෑ
12:26
Video thumbnail
අපේකම කියන්නේ භාෂාව සිරිත් විරිත් විතරක් නෙමේ
02:03
Video thumbnail
ජීවිතේ ලොකු වෙනස්කම් ආරම්භ වෙන්නේ පුංචි තීරණ වලින්
01:52