AFC Banner
Empty Ad
Empty Ad

මැද පෙරදිග ශ්‍රී ලාංකිකයන්ට දැනුම්දීමක්

මැදපෙරදිග ගැටුම්කාරී තත්ත්වයන් හමුවේ ශ්‍රී ලාංකිකයින්ට සහාය ලබා ගැනීම සඳහා විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් ක්ෂණික දුරකථන සේවාවක් හඳුන්වා දී තිබෙනවා.

මැදපෙරදිග පවතින වත්මන් ගැටුම්කාරී තත්ත්වය සම්බන්ධයෙන් ශ්‍රී ලාංකිකයින්ට විදේශ කටයුතු අමාත්‍යාංශය ඇමතීමට සහ ඕනෑම සහයක් ලබාගැනීමටයි අමාත්‍යාංශයේ කොන්සියුලර් කටයුතු අංශය විසින් මෙම විශේෂ දුරකථන අංක ස්ථාපිත කර ඇත්තේ.

අදාළ දුරකථන අංක පහතින්

0094711 757 536 / 0094711 466 585

ඊට අමතරව, විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් කටයුතු අංශය සාමාන්‍ය කාර්යාල වේලාවන්හිදී +94 112 338 837 ස්ථාවර දුරකථන අංකය ඇමතීමෙන් සහ [email protected] යන විද්‍යුත් තැපෑලෙන් තොරතුරු ලබා ගැනීමට හැකියි.

සියලුම ශ්‍රී ලාංකිකයින්ට විදේශ අමාත්‍යංශය උපදෙස් දී ඇත්තේ ඉතාමත් ප්‍රවේසම් වන ලෙසත්, ගැටුම් පවතින ප්‍රදේශවලට ගමන් කිරීමෙන් වළකින ලෙසටයි. එමෙන්ම ඕනෑම හදිසි අවස්ථාවකදී ටෙල් අවිව් (ඊශ්‍රායලය) සහ රමල්ලා (පලස්තීනය) හි ශ්‍රී ලංකා දූත මණ්ඩල සමඟ නිරන්තර සම්බන්ධතා පවත්වන ලෙස ද දැනුම් දෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
2
+1
6
+1
1
+1
5
+1
2
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?