Empty Ad
AFC Banner
Empty Ad

මැතිවරණ නීති උල්ලංඝනය කරමින් රනිල්ගේ පෝස්ටර් ඇලවූ දෙදෙනකු හසුවෙයි – තවත් 04ක් පලා යයි

ස්වාධීන ජනාධිපති අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතාට අයත් පෝස්ටර් නීතිවිරෝධී ලෙස අලවමින් සිටි දෙදෙනෙකු අද (03) රාත්‍රී 07ට පමණ වැලිකන්ද පොලිසිය අත් අඩංගුවට ගෙන තිබෙනවා.

අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ සැකකරුවන් සන්තකයේ තිබී ඇලවීමට ගෙනා පෝස්ටර්ස් 10,000ක් පොලිස් භාරයට ගැනුණු බවයි.

වැලිකන්ද – සඳුන්පිටිය ප්‍රදේශයේ මෙලෙස නීති විරෝධී පෝස්ටර් අලවමින් සිට ඇති අතර එම ස්ථානයේ සිටි තවත් පුද්ගලයින් සිව්දෙනෙකු පොලිසියෙන් බේරී පලා ගොස් තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා, කැබ් රථයේ රියැදුරු සහ සහායකයා ලෙස කටයුතු කර ඇති බවයි හෙළිව ඇත්තේ.

ඔවුන් වැලිකන්ද – බෝවත්ත ප්‍රදේශයේ පදිංචි අවුරුදු 22 ත් 37 යන වයසේ පසුවන්නන්.

මැතිවරණ නීති උල්ලංඝනය කරමින් ඔවුන් පෝස්ටර් අලවා ඇති අතර එම පෝස්ටර් මුද්‍රණය කරේ කවුරුන් විසින් ද, කුමන මුද්‍රණාලයේ ද යන්න සඳහන් වී නොමැති බව ද පොලිසිය පැවසුවා.

අත්අඩංගුවට ගත් පෝස්ටර් කිලෝග්‍රෑම් 50කට ආසන්න බර ප්‍රමාණයකින් යුක්ත බවත්, මේ පිළිබඳ මැතිවරණ කාර්යාලය දැනුවත් කර ඇති බව ද වාර්තාවනවා.

අත්අඩංගුවට ගත් පෝස්ටර් සහ සැකකරුවන් දෙදෙනා මෙන් ම කැබ් රථය මුදා හ‍රින ලෙසට ජනාධිපතිවරයාගේ මැතිවරණ ව්‍යාපාරය ක්‍රියාත්මක කරන දේශපාලනඥයින්ගෙන් පොලිසියට දුරකථන ඇමතුම් කිහිපයක් ද ලැබී ඇති බවට තොරතුරු වාර්තා වී ඇති බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු සඳහන් කර සිටියේ.

පොළොන්නරුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිශාන් ද සිල්වාගේ උපදෙස් මත වැලිකන්ද පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සමන්ත රත්නායක මහතා ඇතුළු පොලිස් නිලධාරී කණ්ඩායමක් මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
9
+1
0
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
BREAKING NEWS 🔴
01:30
Video thumbnail
පුටුව ලකුණ ආණ්ඩුවට රිදෙන්න දීපු හැටි
05:57
Video thumbnail
මෛත්‍රීපාල සිරිසේනගේ සායම යවපු මහ ලේකම්
04:51
Video thumbnail
මාලිමා ආණ්ඩුව නිල නිවාස වහලා දාලා - ඒ නිල නිවාස ඔක්කොම වේයෝ කාලා
07:25
Video thumbnail
PRAHARAYA | පොදුජන එක්සත් පෙරමුණේ මහ ලේකම් ලසන්ත අලගියවන්න සහභාගිවන ප්‍රහාරය දේශපාලන වැඩසටහන
01:28:02
Video thumbnail
මන්ත්‍රීගේ බස් එක පාරේ යකා නටද්දී පොලිස් නිලධාරිණිය ඩ්‍රයිවර්ගේ කට වැහෙන්න කියපු සුපිරි කතාව
03:56
Video thumbnail
චාමරව හිරේ දැම්මේ බදුල්ලේ සමන්තද ? පක්ෂයේ ප්‍රබලයෝ කියපු කතාව
07:05
Video thumbnail
06 වෙනිදා වෙද්දී අන්වීක්ෂයක් හොයාගන්න - නියෝජ්‍ය ඇමති කියපු සැර කතා ටික
12:50
Video thumbnail
හිස් පුටු ගොඩකට අමතපු සජිත් ප්‍රේමදාස
06:57
Video thumbnail
නාමල් ආණ්ඩුවට සීරුවෙන් ඉඳගෙන අමතයි - කෑ ගහන අයව හිරේ දාන්න නම් දන්නවා
03:28

?