මැතිවරණ නීති උල්ලංඝනය කරමින් රනිල්ගේ පෝස්ටර් ඇලවූ දෙදෙනකු හසුවෙයි – තවත් 04ක් පලා යයි

ස්වාධීන ජනාධිපති අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතාට අයත් පෝස්ටර් නීතිවිරෝධී ලෙස අලවමින් සිටි දෙදෙනෙකු අද (03) රාත්‍රී 07ට පමණ වැලිකන්ද පොලිසිය අත් අඩංගුවට ගෙන තිබෙනවා.

අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ සැකකරුවන් සන්තකයේ තිබී ඇලවීමට ගෙනා පෝස්ටර්ස් 10,000ක් පොලිස් භාරයට ගැනුණු බවයි.

වැලිකන්ද – සඳුන්පිටිය ප්‍රදේශයේ මෙලෙස නීති විරෝධී පෝස්ටර් අලවමින් සිට ඇති අතර එම ස්ථානයේ සිටි තවත් පුද්ගලයින් සිව්දෙනෙකු පොලිසියෙන් බේරී පලා ගොස් තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා, කැබ් රථයේ රියැදුරු සහ සහායකයා ලෙස කටයුතු කර ඇති බවයි හෙළිව ඇත්තේ.

ඔවුන් වැලිකන්ද – බෝවත්ත ප්‍රදේශයේ පදිංචි අවුරුදු 22 ත් 37 යන වයසේ පසුවන්නන්.

මැතිවරණ නීති උල්ලංඝනය කරමින් ඔවුන් පෝස්ටර් අලවා ඇති අතර එම පෝස්ටර් මුද්‍රණය කරේ කවුරුන් විසින් ද, කුමන මුද්‍රණාලයේ ද යන්න සඳහන් වී නොමැති බව ද පොලිසිය පැවසුවා.

අත්අඩංගුවට ගත් පෝස්ටර් කිලෝග්‍රෑම් 50කට ආසන්න බර ප්‍රමාණයකින් යුක්ත බවත්, මේ පිළිබඳ මැතිවරණ කාර්යාලය දැනුවත් කර ඇති බව ද වාර්තාවනවා.

අත්අඩංගුවට ගත් පෝස්ටර් සහ සැකකරුවන් දෙදෙනා මෙන් ම කැබ් රථය මුදා හ‍රින ලෙසට ජනාධිපතිවරයාගේ මැතිවරණ ව්‍යාපාරය ක්‍රියාත්මක කරන දේශපාලනඥයින්ගෙන් පොලිසියට දුරකථන ඇමතුම් කිහිපයක් ද ලැබී ඇති බවට තොරතුරු වාර්තා වී ඇති බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු සඳහන් කර සිටියේ.

පොළොන්නරුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිශාන් ද සිල්වාගේ උපදෙස් මත වැලිකන්ද පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සමන්ත රත්නායක මහතා ඇතුළු පොලිස් නිලධාරී කණ්ඩායමක් මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාවිච්චි කළ වාහන ගෙන්වන එකද ලාභ Brand New වාහන ගේන එකද ?
05:46
Video thumbnail
ශ්‍රී ලංකාව කලාපීය මූල්‍ය තාක්ෂණ මධ්‍යස්ථානයක් බවට පත් කළ යුතු බව සජිත් කියයි
02:47
Video thumbnail
ජල ගැල්මට ලක්වූ නිවාසවල ජනතාවට පිසු ආහාර ලබා දීමේ උතුම් ක්‍රියාව
01:59
Video thumbnail
මාරක අනතුරෙන් පසු එහි උණුසුම් තත්ත්වයක් - මූ හිඟාකන්න දාන්න ඕනි..කීදෙනෙක් මැ#ලද බලපන් ?
02:10
Video thumbnail
මට්ටක්කුලියේ බිහිසුණු අනතුර සිදුවූ හැටි කැමරාවේ සටන් වූ අයුරු - සංවේදී අය නැරඹීමෙන් වළකින්න..!
00:59
Video thumbnail
මහ රෑ සංචාරකයින්ට තරු පෙන්නපු වන අලියා
01:01
Video thumbnail
කොටියව බේරගද්දි වෛද්‍යවරයාට නොසිතූ ප්‍ර#රයක්
01:03
Video thumbnail
"භූත කළුවා" ඝා#නය කිරීමේ සිද්ධියට සිව්දෙනෙක් කොටු
00:38
Video thumbnail
සජිත් හමුවෙන්න ආ විශේෂ අමුත්තෝ
00:58
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය
00:34