මැතිවරණ නිහඬ කාලසීමාවේදී අපේක්ෂකයින් 08ක් අත්අඩංගුවට

ඊයේ (04) උදෑසන 6.00 සිට අද (05) උදෑසන 6.00 දක්වා ගත වූ පැය 24ක කාලසීමාව තුළ පළාත් පාලන මැතිවරණ අපේක්ෂකයින් 08 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසනවා.

ඊට අමතරව ආධාරකරුවන් 05 දෙනෙක් ද අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ.

පොලිසිය පවසන්නේ 2025-03-03 දිනයේ සිට මේ දක්වා මැතිවරණ අපේක්ෂකයින් 54 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බවයි.

මේ අතර ඊයේ (04) උදෑසන 6.00 සිට අද (05) උදෑසන 6.00 දක්වා කාලය තුළ දී මැතිවරණයට අදාළ අපරාධමය පැමිණිලි 04ක් ලැබී ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධ පැමිණිලි 15ක් ද එම කාලය තුළ ලැබී ඇති බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කළා.

හෙට (06) ආරම්භවීමට නියමිත පළාත් පාලන මැතිවරණයට අදාළ නිහඬ කාලසීමාව මේ වනවිට ක්‍රියාත්මක වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21