AFC Banner
AFC Banner
Empty Ad

මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ට තර්ජනය කිරීම ගැන CID පරීක්ෂණයක්

මැතිවරණ කොමිසමේ සාමාජිකයින් දෙදෙනෙකුට ඊයේ රාත්‍රියේ තර්ජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පාර්ලිමේන්තුවට දැනුම් දී තිබෙනවා.

පාර්ලිමේන්තුව අමතමින් ඔහු කියා සිටියේ ඊයේ රාත්‍රියේ මැතිවරණ කොමිසමේ සාමාජිකයින් දෙදෙනෙකුට තර්ජනය කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි.

විපක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස විසින් කරුණු දැක්වීමෙන් අනතුරුව අග්‍රාමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා.

ඉදිරි පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් ජාතික මැතිවරණ කොමිසමේ සාමාජිකයින් දෙදෙනෙකුට ඊයේ රාත්‍රියේ තර්ජන එල්ල වී ඇති බවට තොරතුරු ලැබී ඇති බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ.

මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ සාමාජිකයින් දෙදෙනා පොලිසියට පැමිණිල්ලක් ද ගොනු කර ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

පාර්ලිමේන්තුවේ මැතිවරණය සම්බන්ධයෙන් වාද විවාද පැවැත්වෙන්නේ මෙවැනි සිදුවීම් පසුබිමක බවද ප්‍රේමදාස මන්ත්‍රීවරයා පෙන්වා දුන්නා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?