මාළු විෂ වී මැතිසබය රකින්න සිටි පොලිසියේ දෙකක් රෝහලේ

පාර්ලිමේන්තුවේ ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරීන් දෙදෙනෙක් ආහාර විෂ වීමකින් දැඩි ලෙස රෝගාතුරව ඊයේ (22) දහවල් රෝහල් ගතකර ඇති බව වාර්තා වනවා.

අදාල නිලධාරීන් දෙදෙනා ආහාරයට ගත් මාළු වර්ගයක් විෂ වීමෙන් මෙලෙස රෝගාතුරව ඇති බවයි ආරංචි මාර්ග සඳහන් කළේ.

දැඩි ලෙස රෝගාතුර වූ පොලිස් නිලධාරීන් දෙදෙනා පාර්ලිමේන්තුවේ වෛද්‍ය මධ්‍යස්ථානයෙන් මූලික ප්‍රතිකාර ලබාදීමෙන් අනතුරුව ගිලන් රථයකින් නාරාහෙන්පිට පොලිස් රෝහල වෙත යොමුකර තිබෙනවා.

පාර්ලිමේන්තුවේ පොලිස් නිලධාරීන්ගේ තනිකඩ නිවස්නයට එහි ආපනශාලා අංශයෙන් ඊයේ (22) දහවල් සපයා තිබූ කෑමවල තිබූ මාළු වර්ගයක් ආහාරයට ගැනීමෙන් අනතුරුව මෙම නිලධාරීන් දෙදෙනා මෙසේ රෝගාතුරව ඇති බව සඳහන්.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මහ ලේකම්වරයා ඊයේ දිනයේ ම විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනතුරකින් පාදයේ ආබාධයකයට ලක්වූ සෙබඩකට පිහිටට ආ තරුණ යුවළ
01:01
Video thumbnail
වියළි කාලගුණය හමුවේ ගාල්ලේ දැන් තත්ත්වය
00:54
Video thumbnail
බලශක්ති ඇමතිගේ පොටෝ එකක් අරන් ගමක් දෙවනත් කළ පන්දම් විරෝධතාව..පච අනුර එදා කිව්වේ බොරු..
08:33
Video thumbnail
වැඩ වර්ජනය නිසා මිනිසුන්ගේ රතු කට්ට පනියි..ඡන්දේ දීලා අපි විදින දුකක්..මාසෙකට කීයක් Strike කරනවද
03:43
Video thumbnail
PHI සෙට් එකක් අත්‍යවශ්‍ය ආහාර ගබඩා සහ වෙළඳසැල්වලට ඇවිත් දුන්න ෆුල් සුද්දය
03:58
Video thumbnail
"Private ගන්න සල්ලි නෑනේ මහත්තයෝ"..වෛද්‍ය වැඩ වර්ජනය හේතුවෙන් රෝගීන් දැඩි අපහසුතාවයට
01:44
Video thumbnail
වියළි කාලගුණය හමාර කරමින් බුත්තලට සහ මොණරාගලට තද වැසි
00:58
Video thumbnail
"අඩේ..අඩේ..ඉක්මනට ඇතුළට ඇදහන් බන්" යතුරුපැදියක් - ලොරියක වැදී සිදුවූ බිහිසුණු අනතුර
01:29
Video thumbnail
අනතුරකින් පාදයේ ආබාධයකයට ලක්වූ සෙබඩකට පිහිටට ආ තරුණ යුවළ
01:25
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
41:21