spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මාළු විෂ වී මැතිසබය රකින්න සිටි පොලිසියේ දෙකක් රෝහලේ

පාර්ලිමේන්තුවේ ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරීන් දෙදෙනෙක් ආහාර විෂ වීමකින් දැඩි ලෙස රෝගාතුරව ඊයේ (22) දහවල් රෝහල් ගතකර ඇති බව වාර්තා වනවා.

අදාල නිලධාරීන් දෙදෙනා ආහාරයට ගත් මාළු වර්ගයක් විෂ වීමෙන් මෙලෙස රෝගාතුරව ඇති බවයි ආරංචි මාර්ග සඳහන් කළේ.

දැඩි ලෙස රෝගාතුර වූ පොලිස් නිලධාරීන් දෙදෙනා පාර්ලිමේන්තුවේ වෛද්‍ය මධ්‍යස්ථානයෙන් මූලික ප්‍රතිකාර ලබාදීමෙන් අනතුරුව ගිලන් රථයකින් නාරාහෙන්පිට පොලිස් රෝහල වෙත යොමුකර තිබෙනවා.

පාර්ලිමේන්තුවේ පොලිස් නිලධාරීන්ගේ තනිකඩ නිවස්නයට එහි ආපනශාලා අංශයෙන් ඊයේ (22) දහවල් සපයා තිබූ කෑමවල තිබූ මාළු වර්ගයක් ආහාරයට ගැනීමෙන් අනතුරුව මෙම නිලධාරීන් දෙදෙනා මෙසේ රෝගාතුරව ඇති බව සඳහන්.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මහ ලේකම්වරයා ඊයේ දිනයේ ම විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?