මාස 06ක් වෙද්දි රේගුව පැනපු සුපිරිම ට්‍රිලියනයේ පිම්ම මෙන්න

ශ්‍රී ලංකා රේගුව වසර අවසාන වීමටත් පූර්වයෙන් ඉතිහාසගත බදු ආදායමක් එකතු කරගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ මහතා පවසනවා.

ඒ මහතා පැවසුවේ මෙම වසරේ ගෙවුණු මාස 06ක පමණක් රේගු බදු ආදායම රුපියල් ට්‍රිලියනය ද ඉක්මවා ගොස් ඇති බවයි.

එනම් එය රුපියල් බිලියන 1000ක වාර්තාගත ආදායමක්.

මෙම වසරේ දී රජය විසින් රුපියල් බිලියන 2115ක ඉලක්කයක් ලබා දී ඇති බවත් රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.

කෙසේවෙතත් මෙම දියුණුවට හේතුව රේගුව තුළ සිදු වූ බදු එකතු කිරීමේ ක්‍රියාවලියේ ප්‍රතිව්‍යූහගතකරණය බවයි සීවලී අරුක්ගොඩ මහතා පැවසුවේ.

මීට කැපවුණු සියලුම රේගු කාර්‍යය මණ්ඩලයට ද රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා සිය ස්තුතිය පිරිනැමුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
13
+1
1
+1
7
+1
2
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10