AFC Banner
AFC Banner
Empty Ad

මාස්ටර්ස් ලීග් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා, ඉන්දීය සහ ඕස්ට්‍රේලියා සංචිත නම්කෙරේ

හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන ඉන්ටර්නැෂල් මාස්ටර්ස් ලීග් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා සංචිතය ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ඊට අමතරව ඕස්ට්‍රේලියානු සහ ඉන්දීය සංචිත ද මේ වනවිට ප්‍රකාශයට පත්කර අවසන්.

ඉන්ටර්නැෂල් මාස්ටර්ස් ලීග් තරගාවලිය සඳහා මෙම කණ්ඩායම් තුනට අමතරව බටහිර ඉන්දීය කොදෙව් සහ දකුණු අප්‍රිකාව නියෝජනය කරමින් කණ්ඩායම් එක්වනවා.

තරගාවලියට එක්වන ශ්‍රී ලංකා සංචිතයේ නායකත්වය හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර දරණ අතර, ඉන්දීය කණ්ඩායම සචින් ටෙන්ඩුල්කාර් විසින් ද, ඕස්ට්‍රේලියානු කණ්ඩායම ෂේන් වොට්සන් විසින් ද මෙහෙය වනවා.

එළඹෙන 22 වැනිදා ඉන්දියාවේ දී ආරම්භවන මෙම තරගාවලිය මාර්තු මස 16 වනදා දක්වා පැවැත්වීමටයි සැලසුම්කර ඇත්තේ.

1 3
2 2
3 3
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?