AFC Banner
AFC Banner
Empty Ad

මාලිංග විස්සයි විස්ස පිටියත් හැර යන ලකුණු

තේරීම් කමිටුවේ ප්‍රතිපත්ති සහ නව ක්‍රමවේද සම්බන්ධයෙන් තේරීම් කමිටු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ වේග පන්දු යවන ක්‍රිඩක ලසිත් මාලිංග දැනුවත් කර තිබෙනවා. ලසිත්  මාලිංග මුණ ගැසුනු තේරීම් කමිටු ප්‍රධානියා එහිදී ඔහුගෙන් විමසා ඇත්තේ විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියට ක්‍රීඩා කිරීමට බලාපොරොත්තුවක් තිබේද යන්නයි.

වසර එකහමාරක් පමණ තමන් ක්‍රිකට් ක්‍රීඩා කර නොමැති බව මාලිංග, තේරීම් කමිටු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ වෙත එහිදී ප්‍රකාශ කර තිබෙනවා. අනතුරුව දීර්ඝ වශයෙන් තේරීම් කමිටුවේ ප්‍රතිපත්ති සහ නව ක්‍රමවේද සම්බන්ධයෙන් මාලිංගට කරුණු පැහැදිලි කළ තේරීම් කමිටු සභාපතිවරයා එහිදී සදහන් කර ඇත්තේ ශාරීරික යෝග්‍යතා පරීක්ෂණ අසමත් වන කිසිදු ක්‍රීඩකයෙකු කණ්ඩායමට එක්කර නොගන්නා බවයි.

කණ්ඩායමට එක්වීමට නම් සෑම ක්‍රීඩකයෙකුම මිනිත්තු 8 යි තත්පර 35 ට අඩු කාලයකින් කිලෝමීටර් 2ක දුරක් දිවීමේ අභියෝගය ජය ගතයුතු  බවද තේරීම් කමිටු සභාපති ප්‍රමෝද්‍ය  වික්‍රමසිංහ මාලිංග හමුවූ අවස්ථාවේදී ප්‍රකාශ කර තිබෙනවා. එමෙන්ම තේරීම් කමිටු සභාපතිවරයා මාලිංග වෙත වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ කාලීන දක්ෂතා මැන බැලීම සදහා පළමු පෙළ තරග ක්‍රීඩා කළ යුතුයි.  කණ්ඩායම තෝරන අවස්ථාවේදී මෙම කඩඉම් සම්පූර්ණ කර නොමැති කිසිදු ක්‍රීඩකයෙකුට කණ්ඩායමට එක්වීමට අවස්ථාව නොලැබන බවද තේරීම් කමිටු සභාපතිවරයා එහිදී සදහන් කර තිබෙනවා. 

එමෙන්ම නවක ක්‍රිඩකයන්ට අවස්ථාව ලබාදෙන තේරීම් කමිටුවේ ප්‍රතිපත්තිය සම්න්ධයෙන්ද තේරීම් කමිටු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මෙහිදී මාලිංගට කරුණු පැහැදිලි කර කළා. තේරීම් කමිටු සභාපතිවරයාගේ කරුණු පැහැදිලි කිරීමෙන් අනතුරුව මෙම වැඩපිළවෙළ සම්බන්ධයෙන් සතුට ප්‍රකාශ කළ මාලිංග එහිදී තේරීම් කමිටු සභාපතිවරයා වෙත වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ එම වැඩපිළිවෙළ අඛණ්ඩව සිදුකර ගෙන යන ලෙසටයි.

කෙසේ වෙතත් මීළග විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියට ක්‍රීඩා කිරීමට බලාපොරොත්තුවක් තිබේද යන්න ඇසූ ප්‍රශ්නයට  මාලිංග පැහැදිලි පිළිතුරු ලබා නොදුන් බවද තේරීම් කමිටු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ සදහන් කළා. ක්‍රිඩකයින් තේරීම් නව ක්‍රමවේද සහ ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය හේතුවෙන් ලසිත් මාලිංග නුදුරේදීම විස්සයි විස්ස ක්‍රිකට් පිටියටත් සමුදෙනු ඇති බවයි ක්‍රිකට් ආරංචි පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගනේමුල්ල සංජීව ඝා#නයට පෙර ලැබුණු ඔත්තුව #live #dasathamidnewstoday #dasathanews
00:51
Video thumbnail
🔴2025 අයවැය පාර්ලිමේන්තු විවාදය පස්වැනි දිනය සජීවීව
03:02:27
Video thumbnail
අපි ඔක්කොම එක අම්මාගේ දරුවෝ වගේ එක පොදු විපක්ෂයක් හදනවා...
13:32
Video thumbnail
ගනේමුල්ල සංජීව ඝා#නයට පෙර වැඩබලන පොලිස්පතිට ලැබුණු ඔත්තුව
05:29
Video thumbnail
ගමෙන් ගමට නැවත එන නාමල් - "රැවටිච්ච මිනිසුන්ට තේරෙනවා හැමදාම රැවටෙන්න බෑ කියලා"
07:42
Video thumbnail
සුමන්තිරන් කරන්න යන වැඩක් ගැන සැකයක්...
03:49
Video thumbnail
මේසේට හයියෙන් තට්ටු දාපු ආණ්ඩුවේ මන්ත්‍රීවරු
17:08
Video thumbnail
🔴LIVE :- රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැත්වෙන විශේෂ මාධ්‍ය හමුව
01:09:42
Video thumbnail
රටේ හරක් ටික දක්කන්න කෙවිට අතට ගත් වනවාසී රාහුල හිමි | Open Heart with Wanawasi Rahula thero EP :07
32:34
Video thumbnail
ඊගාවට බලයට එන්නේ අපි තමයි
06:37

?