AFC Banner
AFC Banner
Empty Ad

මාලදිවයින් ජනාධිපති ඉන්දියාව සමග සබඳතා තර කර ගැනීමට සැරසේ

මාලදිවයින් ජනාධිපති මොහොමඩ් මුයිසු මාලදිවයින සහ ඉන්දියාව අතර ඓතිහාසික හා සමීප සබඳතා ශක්තිමත් කිරීමට තම පරිපාලනයේ පූර්ණ කැපවීම යළි තහවුරු කළා.

මාලදිවයිනට අවශ්‍ය සෑම අවස්ථාවකදීම ඉන්දියාව සමීපතම මිත්‍ර රාජ්‍යයක් සහ මිල කළ නොහැකි හවුල්කරුවෙකු වන බවත්, මාලදිවයිනට ආධාර අවශ්‍ය වූ විට පහසුකම් සපයා ඇති බවත් ජනාධිපති මුයිසු මහතා වැඩිදුරටත් අවධාරණය කළ බව මාලදිවයින් ජනාධිපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියා.

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ ඉන්දීය රජයේ ණය පහසුකම මඟින් ඉන්දීය EXIM බැංකුව හරහා මාලදිවයිනේ දූපත් 28ක නිම කරන ලද ජල සම්පාදන ව්‍යාපෘති ප්‍රදානය කිරීම වෙනුවෙන් මාලදිවයින් ජනාධිපති කාර්යාලයේ පැවැති උත්සවයේදීයි.

මෙම ව්‍යාපෘති ඉන්දියාව සමඟ මාලදිවයිනේ ද්විපාර්ශ්වික සබඳතාවල ප්‍රධාන සන්ධිස්ථාන බව ජනාධිපතිවරයා පැවසුවා.

මාලදිවයිනට ත්‍යාගශීලී සහ අඛණ්ඩව ලබාදුන් සහය වෙනුවෙන් ජනාධිපතිතුමා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාට, රජයට සහ ඉන්දීය මිත්‍රශීලී ජනතාවට දැඩි කෘතඥතාව පළ කළා.

මාලදිවයින් ජනාධිපති මොහොමඩ් මුයිසු චීන හිතෛෂීයෙකු ලෙස වඩාත් ප්‍රකටව සිටියා.

මේ හේතුවෙන් ඉන්දියාව සහ මාලදිවයින අතර සබඳතා පලුදු වූ බවට ද විචාරකයන් මත පළ කර තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොටහේනේ අවි ගත්තෝ අවි පෙන්න ගිහින් පොලිස් අවියෙන්ම අවසන් ගමන් යයි
01:17
Video thumbnail
කොටහේනේ වෙ# තැබීම නිසා පොලිස් ආරක්ෂාව දැඩි කරයි
07:02
Video thumbnail
සජබයයි - මාලිමාවයි සැර වලියක්
16:35
Video thumbnail
කොටහේන වෙ#ක්කරුවන් අල්ලපු පොලිස් මෙහෙයුම #dasathamidnewstoday #dasathanews #live
00:46
Video thumbnail
කොටහේන වෙ#ක්කරුවන් අල්ලපු පොලිස් මෙහෙයුම
04:06
Video thumbnail
රැවුල මොකද ? ගැළපෙන්නේ නෑ නේද ? - මොකද්ද ප්‍රශ්නේ මම Brand එකක්
01:00
Video thumbnail
කොටහේනේ මේ දැන් වෙ# තැබීමකින් පුද්ගලයෙක් මියයයි #kotahena# #live #dasathamidnewstoday #dasathanews
00:27
Video thumbnail
KASTHIRAMA | පා.ම චන්දිම හෙට්ටිආරච්චි සහ සජබ විධායක කමිටු සාමාජික මහේෂ් සේනානායක සහභාගීවන කස්තිරම
01:26:54
Video thumbnail
ගනේමුල්ල සංජීව මිහිදන් කරලා පොඩි වෙලාවයි - කොටහේනේ වෙ#ඩි පත්තු වෙයි
09:44
Video thumbnail
පාතාලය ඉවර කරන්න ජනපති ලෑස්තියි
07:46

?