මාලදිවයින් ජනාධිපති ඉන්දියාව සමග සබඳතා තර කර ගැනීමට සැරසේ

මාලදිවයින් ජනාධිපති මොහොමඩ් මුයිසු මාලදිවයින සහ ඉන්දියාව අතර ඓතිහාසික හා සමීප සබඳතා ශක්තිමත් කිරීමට තම පරිපාලනයේ පූර්ණ කැපවීම යළි තහවුරු කළා.

මාලදිවයිනට අවශ්‍ය සෑම අවස්ථාවකදීම ඉන්දියාව සමීපතම මිත්‍ර රාජ්‍යයක් සහ මිල කළ නොහැකි හවුල්කරුවෙකු වන බවත්, මාලදිවයිනට ආධාර අවශ්‍ය වූ විට පහසුකම් සපයා ඇති බවත් ජනාධිපති මුයිසු මහතා වැඩිදුරටත් අවධාරණය කළ බව මාලදිවයින් ජනාධිපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියා.

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ ඉන්දීය රජයේ ණය පහසුකම මඟින් ඉන්දීය EXIM බැංකුව හරහා මාලදිවයිනේ දූපත් 28ක නිම කරන ලද ජල සම්පාදන ව්‍යාපෘති ප්‍රදානය කිරීම වෙනුවෙන් මාලදිවයින් ජනාධිපති කාර්යාලයේ පැවැති උත්සවයේදීයි.

මෙම ව්‍යාපෘති ඉන්දියාව සමඟ මාලදිවයිනේ ද්විපාර්ශ්වික සබඳතාවල ප්‍රධාන සන්ධිස්ථාන බව ජනාධිපතිවරයා පැවසුවා.

මාලදිවයිනට ත්‍යාගශීලී සහ අඛණ්ඩව ලබාදුන් සහය වෙනුවෙන් ජනාධිපතිතුමා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාට, රජයට සහ ඉන්දීය මිත්‍රශීලී ජනතාවට දැඩි කෘතඥතාව පළ කළා.

මාලදිවයින් ජනාධිපති මොහොමඩ් මුයිසු චීන හිතෛෂීයෙකු ලෙස වඩාත් ප්‍රකටව සිටියා.

මේ හේතුවෙන් ඉන්දියාව සහ මාලදිවයින අතර සබඳතා පලුදු වූ බවට ද විචාරකයන් මත පළ කර තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20