මාර්තු 30 වනදා සිට ඉන්ඩිගෝ ගුවන් සේවය යාපනයට

මාර්තු 30 වන දින සිට ට්‍රිචි සහ යාපනය අතර දිනපතා සෘජු ගුවන් ගමන් ආරම්භ කරන බව ඉන්ඩිගෝ ගුවන් සේවය නිවේදනය කරනවා.

ව්‍යාපාරික හා ආගමික සංචාර සඳහා මෙම ගුවන් මාර්ගය ප්‍රචලිත වී ඇති අතර, යාපනය සහ ට්‍රිචි ගුවන්තොටුපොළ අතර ගුවන් ගමන් සඳහා පවතින ඉහළ ඉල්ලුම සැලකිල්ලට ගනිමින් මෙම පියවර ගෙන තිබෙනවා.

මෙම දෛනික සෘජු ගුවන් ගමන් මගීන්ට ගමන් පහසු කිරීම පමණක් නොව, කලාප දෙක අතර ආර්ථික වර්ධනය සහ සංස්කෘතික හුවමාරුව ද පෝෂණය කරනු ඇති බවයි ඉන්ඩිගෝ ගුවන් සේවය සඳහන් කරන්නේ.

ඉන්ඩිගෝ හි ගෝලීය අලෙවි ප්‍රධානී විනයි මල්හෝත්‍රා සඳහන් කළේ, මෙම මාර්ගය ඔවුන්ගේ චෙන්නායි-යාපනය සේවාවේ සාර්ථකත්වය මත ගොඩනැගෙන බවයි.

ඉන්දියාවේ බැංගලෝර්, චෙන්නායි, හයිද්‍රාබාද්, මුම්බායි සහ තිරුචිරප්පලි යන නගර පහෙන් ශ්‍රී ලංකාවට සතිපතා ගුවන් ගමන් 60 කට අධික සංඛ්‍යාවක් සමඟින්, අපගේ ගනුදෙනුකරුවන්ට අසමසම ප්‍රවේශ්‍යතාව, දැරිය හැකි මිල සහ පහසුව ලබාදීමට ඉන්ඩිගෝ ගුවන් සේවය කැපවී සිටින බවයි විනයි මල්හෝත්‍රා වැඩිදුරටත් සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතාව අස්සේ අර්චුනාට ආ කෑම ප්‍රශ්නය.."මොන මඟුල් පාර්ලිමේන්තුවක්ද මේක..කෑම නෑ පාර්ලිමේන්තුවේ
01:19
Video thumbnail
"මෙරට සිදුවූ සෑම ව්‍යසනයකදීම සාක්ෂිකාරයින් වුණේ පොලිසිය"වැටිච්ච තැනින් නැගිටින්න මේ හොඳම අවස්ථාව
10:21
Video thumbnail
විමල් වීරවංශ අපේ නායකයා හිටියනම් අද එක්කෝ ජනාධිපති නැත්තම් අගමැති වෙන්න තිබුණා
10:22
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13
Video thumbnail
අජිත්ගේ අධි නීතිඥකමක් නිසා සජිත් හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි.."රටේ අධි නීතිඥ කියලා තනතුරක් නෑ"
03:46
Video thumbnail
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ රාජපක්ෂලා..වැස්ස නවත්තන්න ඇයි අනුර, වැහි දෙයියො ද ?
10:37


?