AFC Banner
AFC Banner
Empty Ad

මාර්තු 19 සිට තොරතුරු තාක්ෂණය සමඟ කෘතිම බුද්ධිය 08 ශ්‍රේණියෙන් ඉහළ දරුවන්ට

පාසල්වල 08 වන ශ්‍රේණියෙන් ඉහළ ශ්‍රේණිවල තොරතුරු තාක්ෂණ විෂය මාලාව සංශෝධනය කිරීමට මේ වන විට කටයුතු යොදා ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා.

එහි නියමු ව්‍යාපෘතිය එළඹෙන මාර්තු 19 වනදා පාසල් 17ක් සම්බන්ධ කරගනිමින් ආරම්භ කරන බවයි අමාත්‍යවරයා පවසන්නේ.

තොරතුරු තාක්ෂණ විෂය ධාරාව සමග කෘතිම බුද්ධිය හඳුන්වාදෙන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.

මේ සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය සමග Microsoft ආයතනය එක්ව සිටින බවත් ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව විෂය දැනුම මෙරට දරුවන්ට ලබාදීමට ඒ අනුව හැකිවන බවත් , සුහුරු පුවරු සහිත ඩිජිටල් පන්ති ඇසුරින් පාසල් අතර විෂය දැනුම හුවමාරුවට දරුවන්ට අවස්ථා සලසා දීමට ද එමගින් අපේක්ෂා කරන බවත් අමාත්‍යවරයා සඳහන් කර සිටියා.

අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මේ බව සඳහන් කළේ ගල්කිස්ස උසස් බාලිකා විද්‍යාලයට සිය වසක් සම්පූර්ණ වීම නිමිත්තෙන් එහි පැවති සමරු උත්සවයට එක්වෙමින්.

මේ අතර සමස්ත අධ්‍යාපන ක්ෂේත්‍රය නව තාක්ෂණය සමඟ එක් කළ යුතු බව ද ඔහු මෙහිදී අවධාරණය කළා.

මෙරට සියලු‍ ගුරුවරුන්ට ද නවීන තාක්ෂණය සමඟ බද්ධ වෙමින් පන්ති කාමරය තුළ පාඩම් සැලසුම් කර ගැනීමට ඉදිරියේ දී සිදුවන බව පෙන්වා දුන් අමාත්‍යවරයා ඉගැන්වීම් ක්‍රියාවලිය තුළ තාක්ෂණය යොදා ගැනීම සම්බන්ධයෙන් ගුරුවරුන් පුහුණු කිරීමට කලාප මට්ටමින් මධ්‍යස්ථාන සියයක් පිහිටුවීමට දැනටමත් කටයුතු යොදා ඇති බව ද සඳහන් කළා.

මේ වන විටත් එම මධ්‍යස්ථාන 85 ක් ඩිජිටල්කරණයට ලක් කර ඇති බව ද ඉදිරි මාස 03 ඇතුළත ඉතිරි මධ්‍යස්ථාන සියල්ල ඩිජිටල් කරණයට ලක් කරන බව ද පැවසූ අමාත්‍යවරයා, මානව සම්පත් සහ භෞතික සම්පත් පවතින ප්‍රමාණයෙන් කළමනාකරණය කර ගනිමින් පාසල් පද්ධතිය ශක්තිමත්ව පවත්වාගෙන යාමට විදුහල්පතිවරුන්ගේ නායකත්ව සහ කළමනාකරණ හැකියාවන් අත්‍යවශ්‍ය වන බව වැඩිදුරටත් පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අලි වැදෙන හැටි බලන්න කෝච්චියේ ගිය ඇමති - රැස්වීමත් උණුසුම් - නිලධාරීන්ට තද වෙයි
Video thumbnail
නවසීලන්තයට යන්න කළින් අපේ කෙල්ලෝ කියපු මොරාල් කතාව
Video thumbnail
🔴2025 අයවැය පාර්ලිමේන්තු විවාදය පස්වැනි දිනය සජීවීව
02:47:52
Video thumbnail
KASTHIRAMA | පා.ම චන්දිම හෙට්ටිආරච්චි සහ සජබ විධායක කමිටු සාමාජික මහේෂ් සේනානායක සහභාගීවන කස්තිරම
01:27:01
Video thumbnail
දයාසිරි මේ වගේ කතාවක් කරයි කියලා හිතුවද ?
10:00
Video thumbnail
තනියම ඩයස්පෝරාවට සද්දේ දැමු මේජර් ජනරාල් සම්මානයක් දිනාගනී
02:02
Video thumbnail
කළුතර සිංහයා රෝහිත ගමකට කන්න දෙයි
04:37
Video thumbnail
මෙයාලගේ ගොඩාක් තියෙන්නේ බොරුව...
05:22
Video thumbnail
මේ පාතාල කේස් ඔක්කොම කළින් ආණ්ඩුවල වැරදි - මාලිමා මන්ත්‍රී කියයි
06:58
Video thumbnail
ටියුෂන් දෙන්නම් කියපු මනුස්සයා වහාම ඉල්ලා අස් වෙන්න ඕන
04:41

?