Empty Ad
Empty Ad
 Empty Ad

මාර්තු 19ට පෙර මැතිවරණය පැවැත්විය යුතුයි

පළාත් පාලන මැතිවරණයේ ඡන්ද විමසීම මාර්තු මස 19 වනදාට පෙර පවත්වා අවසන් කළ යුතු බව මැතිවරණ කොමසාරිස් සමන් ශ්‍රී රත්නායක පවසනවා.

ඔහු සඳහන් කළේ මෙවර මැතිවරණය ඇස්තමේන්තු කළ මුදලට වඩා අඩු වියදමකින් අවසන් කළ හැකි බවයි.

අද මාධ්‍ය වෙත අදහස් දක්වමින් මැතිවරණ කොමසාරිස්වරයා කියාසිටියේ මෙවර මැතිවරණය සඳහා යොදාගනු ලබන්නේ 2022 ඡන්ද හිමි නාමලේඛනය බවයි.

මැතිවරණ පනතේ පවතින නීති අනුව සියලු කටයුතු සිදුවන අතර නීතියෙන් නියෝගයක් ලැබෙන තෙක් මැතිවරණයට අදාළ කටයුතු සිදුකරන බව ද ඔහු සඳහන් කළා.

දැනට පවතින තත්වය මත වියදම සම්බන්ධයෙන් ඇස්තමේන්තු ගත කළ අතර ඒ අනුව, රුපියල් බිලියන 10ක මුදල් ප්‍රමාණය ප්‍රමාණවත් වනු ඇති බවයි සමන් ශ්‍රී රත්නායක මහතා කියාසිටියේ.

පසුදිය මැතිවරණයට රුපියල් බිලියන 8ක් ඇස්තමේන්තුගත කර තිබුණ ද එය කොවිඩ් -19 තත්ත්වය තුළ මිලියන 5.8කින් අවසන් කර ගැනීමට හැකිවූ බව ද මැතිවරණ කොමසාරිස්වරයා පෙන්වා දුන්නා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කාලගුණය දරුණු අතට
03:32
Video thumbnail
මාලිමා ආණ්ඩුවට දේශපාලනික අත්දැකීම් නෑ - ආණ්ඩුවේ නොහැකියාව පෙන්නන්න සන්දර්ශන පවත්වනවා #npp
03:17
Video thumbnail
පොලිස්පතිගෙන් සැර ප්‍රකාශයක් - මාත්ද්‍රව්‍ය ජාලයට තිත...
05:18
Video thumbnail
බිමල් රත්නායකට - හේෂාගෙන් සැර පිළිතුරු #npp #hesha
03:49
Video thumbnail
අවුරුද්දක් ඇතුළත මේ රට ලස්සන - පොහොසත් රටක් කරන්න පුළුවන්
03:16
Video thumbnail
මාලිමාව බලයට අපු ගමන් කරේ නිදන් හාරන එක
06:55
Video thumbnail
ප්‍රයිවට් බස් එක දෙකට කැඩුන වටවල බස් අනතුර #viralvideo #shortsvideo #1milionviwes
00:28
Video thumbnail
රටේ ජනතාව මේ බලය අපිට දුන්නේ හොරකන් කරන්නත් නෙවෙයි - නීතියට උඩින් ඉන්න නෙවෙයි #npp #akd
12:02
Video thumbnail
Breaking News🛑 වටවල බිහිසුණු අනතුර - ප්‍රයිවට් බස් එක දෙකට කැඩිලා ගිහින්
01:55
Video thumbnail
රුපියල් ලක්ෂ 30ක් පමණ වටිනාකමකින් යුතු කේරළ ගංජා තොගයක් STF දැලේ
01:16

?