මාර්ගයේ ගමන් කළ දරුවෙක් ටිපර් රථයක ගැටී මරුට

අම්පාර පොලිස් වසමේ කල්මුණ හන්දිය දෙස සිට බණ්ඩාරනායක වටරවුම දෙසට ධාවනය කළ ටිපර් රථයකට මාර්ගය අයිනේ ගමන් කළ දරුවෙකු හා කාන්තාවක් ගැටී අනතුරක් සිදුව තිබෙනවා.

ඊයේ (22) පස්වරුවේ සිදුවූ මෙම අනතුරින් දරුවා මියගොස් කාන්තාව තුවාල ලබා ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අම්පාර, උහන ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 04ක දරුවෙක්.

අනතුරට සම්බන්ධ ටිපර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර, අම්පාර පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?