මාරක රිය අනතුරකින් හිමිනමක් අපවත් වෙයි

නුවර – යාපනය A9 මාර්ගයේ මරදන්කඩවල ප්‍රදේශයේ දී පස්වරුවේ සිදු වූ මාරක රිය අනතුරකින් හිමිනමක් අපවත් ව තිබෙනවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ දායාගම හන්දිය අසල දි මාර්ගය අසළ නවතා තිබූ ලොරි රථයක පසුපස හිමි නමක් ගමන් ගත් වෑන් රථයක් ගැටීමෙන් අනතුර සිදු ව තිබෙන බවයි.

හිමි නම රැගත් වෑන් රථයේ වේගය එහි රියදුරුට පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගය අසළ නවතා තිබූ ලොරි රථයේ පසුපස ගැටී ඇති බවයි පොලිසිය පැවසුවේ.

අනතුරින් වෑන් රථයේ වැඩසිටි හිමි නම බරපතළ තුවාල ලබා 1990 ගිලන්රථ සේවය මගින් ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කිරීමට ප්‍රදේශවාසීන් එක්ව කටයුතු කළා.

බරපතළ තත්ත්වයේ පසු වූ උන්වහන්සේ රෝහල්ගත කිරීමෙන් පසු අපවත් වී ඇති බව පොලිසිය සඳහන් කළා.

මෙම රිය අනතුරෙන් අපවත් ව ඇත්තේ ශ්‍රාවස්තිපුර 05 ඇළ ප්‍රදේශයේ විහාරස්ථානයක වැඩ විසූ දුටුවැව ධම්මදින්න නමැති 67 හැවිරිදි හිමිනමක්.

මෙම රිය අනතුර සම්බන්ධයෙන් සැකපිට අනතුරට පත් වෑන් රථයේ රියදුරු මේ වනවිට මරදන්කඩවල පොලිස් ස්ථානය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු හොරොව්පොතාන පදිංචි 37 හැවිරිදි පුද්ගලයෙක්.

අනතුරින් එම රියදුරුට අනතුරක් සිදු ව නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
4
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13
Video thumbnail
අජිත්ගේ අධි නීතිඥකමක් නිසා සජිත් හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි.."රටේ අධි නීතිඥ කියලා තනතුරක් නෑ"
03:46
Video thumbnail
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ රාජපක්ෂලා..වැස්ස නවත්තන්න ඇයි අනුර, වැහි දෙයියො ද ?
10:37
Video thumbnail
විපතට පත්වූවන්ට පිහිටවෙන්න "අප්පච්චි" එයි.."අප්පච්චි බුදුවෙන්න ඕනේ මිහිපිටට දිව්‍ය පුත්‍රයෙක්"
06:42
Video thumbnail
විශේෂ පාර්ලිමේන්තු විවාදය 2025.12.19
00:00
Video thumbnail
"ගෝඨාගේ ආණ්ඩුවට වෙච්ච දේමයි මේකට වෙන්නෙත්"වැඩ දන්නවනම් මෙහෙම ඇ#ගන්නේ නෑනේ..
08:33


?