මාරක රිය අනතුරක්! ටිපර් රථයක් දෙකට කැඩෙයි

දඹුල්ල – හබරණ ප්‍රධාන මාර්ගයේ හබරණ හිරිවඩුන්න ප්‍රදේශයේදී අද (12) ටිපර් රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් රියදුරන් දෙදෙනා බරපතල තුවාල ලබා යුද හමුදා සෙබලෙකු සුළු තුවාල ලබා ඇතැයි හබරණ පොලිසිය පවසනවා.

දඹුල්ල දෙසින් හබරණ දෙසට එක් ටිපර් රථයක් ධාවනය වෙමින් තිබෙන අතර අනෙක් ටිපර් රථය හබරණ සිට දඹුල්ල දෙසට ධාවනය වෙමින් තිබියදී මුහුණට මුහුණ ගැටීමෙන් එක් ටිපර් රථයක මුහුණ ගැලවී මීටර් දහයක් පමණ ඉදිරියට විසි වී ඇතැයි පොලීසිය සඳහන් කළා.

අනතුරෙන් ටිපර් රථ දෙකටම බරපතල හානි සිදු වී තිබෙන බවත් පැය කිහිපයක් හබරණ දඹුල්ල ප්‍රධාන මාර්ගයේ වාහන ගමනාගමනයට බාධා එල්ල වී තිබෙනවා.

පසුව ටිපර් රථය මාර්ගයෙන් ඉවතට ගැනීමත් සමඟ ගමනා ගමනයට මාර්ගය විවෘත වූ බවයි හබරණ පොලීසිය පැවසුවේ.

තුවාල ලැබූ ටිපර් රථ දෙකේ රියදුරන් දෙදෙනා දඹුල්ල මූලික රෝහලට ඇතුළත් කොට ඇති අතර ඔවුන් දෙදෙනාගේ තත්ත්වය බරපතළ බව රෝහල් ප්‍රකාශකයෙකු  සඳහන් කළා.

එක ටිපර් රථයක නිවාඩු අවසන්ව නැවත කඳවුරට ගමන් කරමින් සිටි යුද හමුදා සෙබලෙකු සිටි බවත් ඔහු සුළු තුවාල ලබා ප්‍රතිකාර නොලබා යුධ හමුදා කඳවුරට වාර්තා කිරීම සඳහා ගිය බවත් පොලිසිය සඳහන් කරනවා.

අනතුරට හේතුව හබරණ දෙසින් දඹුල්ල දෙසට ධාවනය වෙමින් තිබූ ටිපර් රථ රියදුරුට නින්ද යෑම බව සිදුකරන ලද මූලික පරීක්ෂණවලදීවලදී හෙළි වී තිබෙනවා.

මෙම අනතුරෙන් ටිපර් රථ දෙකටම බරපතල හානි සිදුවී අනතුර සිදු වූ ආකාරයය පවා සොයා ගැනීමට නොහැකිව සුන්බුන් වී ඇති බවයි වාර්තා වන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් හබරණ පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.11
00:00
Video thumbnail
බිමල් - චාමර පාර්ලිමේන්තුවේ පැටලෙයි - මම දන්නෙත් නෑ හොයන්නෙත් නෑ අදාලත් නෑ
06:51
Video thumbnail
චාමර උදෙන්ම පාර්ලිමේන්තුවේ යකා නටයි - කථානායක හැමදාම මස්ත බාල්දුව දාන්න එපා
03:11
Video thumbnail
කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය ගැන අජිත් කට අරියි - ඇයි 2026 කරපු ආයෝජන අඩුවෙලා ?
07:35
Video thumbnail
මනුෂ්‍ය ඝා#තනයක් කළ පුද්ගලයෙක්ට වසර 11කට පසු ම#ණ දඬුවම
01:04
Video thumbnail
බැංකු සේවකයෙකුගේ යතුරුපැදියක් උස්සපු ඩබල - කුරුමාණම අල්ලලා දුන්න ගේම
01:00
Video thumbnail
නරි උඩු බුරුලනවා වගේ විපක්ෂය උඩුබුරුලනවා - ඔක්කොම ඉන්නේ සැක පිටයි ඇප පිටයි
03:36
Video thumbnail
දෙදෙනෙකු එළොව යැවූ අත්බෝම්බ ප්‍ර#රයේ CCTV දර්ශන එළියට - දාලා ඇවිත් දුවගෙන යන හැටි
01:53
Video thumbnail
පාසල් සිසුන් දෙදෙනෙකු එළොව යැවූ අත්බෝම්බ ප්‍ර#රය - "කෑගහන සද්දයට තමයි අපි දුවගෙන ආවේ"
03:04
Video thumbnail
අගමැතිනියත් සංවේදී වූ මොහොත - "ඉස්සර වගේ ෆිල්ම් බලන්න යන්න බැරිවීම ගැන දුකයි"
02:11