මාරක අනතුරු දෙකක්

මාලඹේ සහ නොරොච්චෝලේ යන පොලිස් වසම්වල ඊයේ (19) රිය අනතුරු දෙකකින් පුද්ගලයින් දෙදෙනකු මියගොස් තිබේ.කඩුවෙල, මාලඹේ මාර්ගයේ සුයිලාරාම හංදියේ දී මෝටර් රථයක් පදිකයෙකුගේ ගැටීමෙන් අනතුරක් සිදුව ඇති අතර බරපතළ තුවාල ලැබු පදිකයා නෙවිල් ප්‍රනාන්දු රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබේ. මියගොස් ඇත්තේ, 59 හැවිරිදි පයාගල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මේ අතර නොරොච්චෝලේ කල්පිටිය මාර්ගයේ නාවක්කාඩු හංදිය අසල දී අධික වේගයෙන් ධාවනය වු යතුරුපැදි දෙකක් මාර්ගයෙන් ඉවතට ලිස්සා ගොස් බෝක්කුවක ගැටීමෙන් රිය අනතුරක් සිදුව තිබුණි.

අදාළ අනතුරින් යතුරුපැදිකරුවන් දෙදෙනා සහ පසුපැදිකරුවන් දෙදෙනා පුත්තලම රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදි එක් පැදිකරුවෙකු මියගොස් ඇති බව පොලීසිය සඳහන් කළේය.එලෙස මියගොස් ඇත්තේ 23 හැවිරිදි නොරොච්චෝලේ පදිංචිව තරුණයෙකි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?