කරන්දෙණිය පොලිස් වසමේ තල්ගහවත්ත ප්‍රදේශයේ දී ඊයේ (07) රාත්‍රියේ පොල්ලකින් පහර දී පුද්ගලයෙක් ඝාතනය කර තිබුණා.
ඝාතනය ලක්වූ පුද්ගලයා තම නිවසේ තවත් මිතුරන් තිදෙනෙකු සමඟ ඊයේ රාත්‍රියේ මත්පැන් සාදයක් පවත්වා තිබෙනවා.
අනතුරුව රාත්‍රී 10.00ට පමණ මිතුරන් තිදෙනාව ඔවුන්ගේ නිවෙස්වලට ඇරලවීම සඳහා එම පුද්ගලයා තම මාමණ්ඩියගෙන් ත්‍රීරෝද රථය ඉල්ලා තිබෙනවා.
එම අවස්ථාවේ දී මාමණ්ඩිය ඔහුට ත්‍රිරෝද රථය ලබාදීමට අකමැතිවීම නිසා ඔවුන් අතර බහින් බස්වීමක් සිදුව ඇති බවයි වාර්තා වුණේ.
එය දුරදිග යාම හේතුවෙන් අදාළ පුද්ගලයා පොල්ලක් නිවසේ ජනේල්වලට ද පහර දී පසුව බිරිඳට ද පහරදීමට තැත්කර ඇති බවයි වැඩිදුරටත් තොරතුරු වාර්තා වන්නේ.
එහිදී මාමණ්ඩිය එය වැළැක්වීමට උත්සාහ දරා ඇති අතර, බෑණාගේ එම හැසිරීම හේතුවෙන් ඔහුට මාමණ්ඩිය විසින් මිරිස් ගසා පොල්ලකින් පහර දී තිබෙනවා.
පොලු ප්‍රහාරයට ලක්වූ පුද්ගලයා එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව ඇති අතර, ඝාතනය සිදුකළ මාමණ්ඩිය පොලිසියට භාරවී ඇති බවයි වාර්තා වුණේ.
මෙලෙස ඝාතනය ලක්ව ඇත්තේ මොරගොඩ තුෂාර සම්පත් නැමැති වයස අවුරුදු 24ක එක්දරු පියෙක්.
පොලිසිය භාර වූ 58 හැවිරිදි සැකකාර මාමණ්ඩිය අත්අඩංගුවට ගෙන ඇති අතර, කරන්දෙණිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.





