මාමණ්ඩියගේ පොලු පහරින් 24 හැවිරිදි බෑණා අවසන් ගමන් ගිහින්

කරන්දෙණිය පොලිස් වසමේ තල්ගහවත්ත ප්‍රදේශයේ දී ඊයේ (07) රාත්‍රියේ පොල්ලකින් පහර දී පුද්ගලයෙක් ඝාතනය කර තිබුණා.

ඝාතනය ලක්වූ පුද්ගලයා තම නිවසේ තවත් මිතුරන් තිදෙනෙකු සමඟ ඊයේ රාත්‍රියේ මත්පැන් සාදයක් පවත්වා තිබෙනවා.

අනතුරුව රාත්‍රී 10.00ට පමණ මිතුරන් තිදෙනාව ඔවුන්ගේ නිවෙස්වලට ඇරලවීම සඳහා එම පුද්ගලයා තම මාමණ්ඩියගෙන් ත්‍රීරෝද රථය ඉල්ලා තිබෙනවා.

එම අවස්ථාවේ දී මාමණ්ඩිය ඔහුට ත්‍රිරෝද රථය ලබාදීමට අකමැතිවීම නිසා ඔවුන් අතර බහින් බස්වීමක් සිදුව ඇති බවයි වාර්තා වුණේ.

එය දුරදිග යාම හේතුවෙන් අදාළ පුද්ගලයා පොල්ලක් නිවසේ ජනේල්වලට ද පහර දී පසුව බිරිඳට ද පහරදීමට තැත්කර ඇති බවයි වැඩිදුරටත් තොරතුරු වාර්තා වන්නේ.

එහිදී මාමණ්ඩිය එය වැළැක්වීමට උත්සාහ දරා ඇති අතර, බෑණාගේ එම හැසිරීම හේතුවෙන් ඔහුට මාමණ්ඩිය විසින් මිරිස් ගසා පොල්ලකින් පහර දී තිබෙනවා.

පොලු ප්‍රහාරයට ලක්වූ පුද්ගලයා එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව ඇති අතර, ඝාතනය සිදුකළ මාමණ්ඩිය පොලිසියට භාරවී ඇති බවයි වාර්තා වුණේ.

මෙලෙස ඝාතනය ලක්ව ඇත්තේ මොරගොඩ තුෂාර සම්පත් නැමැති වයස අවුරුදු 24ක එක්දරු පියෙක්.

පොලිසිය භාර වූ 58 හැවිරිදි සැකකාර මාමණ්ඩිය අත්අඩංගුවට ගෙන ඇති අතර, කරන්දෙණිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශිරන්ති අතත් වනාගෙන බන්ධනාගාර බසයට නගියි
01:29
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු
00:37
Video thumbnail
ඥානසාර හිමි ගිහි ඇඳුමෙන් ගෙන ඒම පිළිකුලෙන් හෙළා දකිනවා - රජ කරන්නේ සිංහල බෞද්ධ රටක
04:10
Video thumbnail
ශිරන්ති බන්ධනාගාරයට ගෙනියද්දි අධිකරණය ඉදිරියේ උණුසුම් -"මැඩම් ශක්තිමත් වෙන්න ශක්තිමත් වෙන්න"
02:40
Video thumbnail
හිර ගෙවල් දහසක දැම්මත් යුතුකම දිවි හිමියෙන් ඉටු කරනවා - විමල් සැරවෙයි
02:04
Video thumbnail
2018 වස‍රෙත් ඥානසාර හිමි දඬුවම වින්දේ සිර ඇඳුමෙන්
08:02
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරණායක
00:52
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.07
07:22:45
Video thumbnail
ශිරන්ති ගේද්දි අධිකරණය අසලට කාන්තාවෝ එකතුවෙයි - "මැඩම්..ඩෝන්ට් වොරි..ඩෝන්ට් වොරි මැඩම්"
01:25
Video thumbnail
ඥානසාර හිමි ජම්පරේ ඇන්දා කියලා ඔප්පු කළොත් අපිත් ජම්පරේ අදිනවා - වැහුවේ එක කටයි
06:36