මාදම්පේ සිලිකා වැලි කැනීම පිළිබඳ පෙත්සම විභාගයට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර දෙයි

මාදම්පේ ප්‍රදේශයේ අක්කර දෙසීයක පමණ භූමි භාගයක සිදුවන නීති විරෝධි සිලිකා ජාවාරම තුළින් ඇතිවන පාරිසරික විනාශයන් වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා පරිසර යුක්ති කේන්ද්‍රය ඇතුළු පිරිසක් විසින් ⁣ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව ප්‍රියන්ත ප්‍රනාන්දු සහ අචල වෙන්ගප්පුලි යන දිවිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවනු ලැබුවා.

එම පෙත්සම ඊයේ (04) කරුණු තහවුරු කිරීම සඳහා කැඳවූ අවස්ථාවේ දී අදාළ කැණීම් සිදුවන ප්‍රදේශයේ දැනට පවතින තත්ත්වය ඒ ආකාරයෙන්ම පවත්වාගෙන යාමට පියවර ගන්නා ලෙස ද ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර කළා.

පරිසරයට හානිවන ආකාරයෙන් වයඹ පාලාත් පරිසර අධිකාරිය පාරිසරික බලපෑම් තක්සේරු වාර්තාවකින් තොරව දිගින් දිගටම පාරිසරික අනුකුල සහතික නිකුත් කිරිම නීතියට පටහැනි බව පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ආචාර්ය රවින්ද්‍රනාත් දාබරේ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සඳහන් කර සිටියා.

එහිදි වයඹ පලාත් පරිසර අධිකාරිය කියා සිටියේ එසේ පාරිසරික බලපෑම් තක්සේරු වාර්තාවක් අවශ්‍ය නොවන බවයි.

එහෙත් ඉදිරිපත් වූ කරුණු සලකා බැලු විනිසුරු මඩුල්ල නියෝග කළේ නැවත එම බලපත්‍ර ලබාගැනීමට පාරිසරික බලපෑම් තක්සේරු වාර්තාව අවශ්‍ය බවයි.

නඩුවට ඇතුළත් වීමට අවශ්‍ය තවත් පාර්ශවකරුවන් දෙපළකට ඊට අවසර ලබාදීමට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර ලබාදුන්නා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
මිනිස්සුන්ට බොන්න වතුරත් නැතිකරපු ආණ්ඩුවක් මේක
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47