මාකඳුරේ මධූෂ් වෙනුවෙන් සාධාරණයක් ඉල්ලා බිරිඳ පොලිසියට
මාකඳුරේ මධූෂ් ඝාතනය වීම තුළ කුමන්ත්‍රණයක් පවතින බවත් එය පිටුපස සිටි සියලු දෙනාට නීතිය ක්‍රියාත්මක කරන ලෙසත් ඉල්ලා මාකඳුරේ මදූෂ්ගේ බිරිඳ විසින් පොලිස් මුලස්ථානය වෙත පැමිණිල්ලක් භාර දුන්නා.
මධූෂ්ගේ බිරිඳ වන ගයානි මුතුමාලි, නීතිඥ සේනක පෙරේරා,සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ කැඳවුම්කරු නදිමාල් සිල්වා ඇතුළු පිරිසක් මෙම පැමිණිල්ල භාර දීම සඳහා පැමිණ සිටියා.
මාකඳුරේ මධූෂ් වසරකට වැඩි කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳවුම් භාරයේ සිටි අතර කොළඹ අපරාධ කොට්ඨාසයට මාරු කර දින හතරක් තුළදී මෙම ඝාතනය සිදුවූ බවත් මෙම ඝාතනයට එවකට සිටි පොලිස්පතිවරයා ඇතුළු කිහිපදෙනෙකු වගකිය යුතු බවත් ඔවුන් පවසනවා.
මාකඳුරේ මදුස් ඇසුරු කළ සහ ඔහුගේ වත්කම් පිළිබඳ බොහෝ දෙනා දැන සිටි බවත් බොහෝ කරුණු යටපත් කිරීම උදෙසා මෙවැනි ඝාතනයක් සැලසුම් සහගතව සිදු කර ඇති බවයි ඔවුන් චෝදනාකරන්නේ.














