AFC Banner
AFC Banner
Empty Ad

මහ බැංකු පනත් කෙටුම්පත සංශෝධන සහිතව වැඩි ඡන්දයෙන් සම්මතයි

ශ්‍රී ලංකා මහ බැංකු පනත් කෙටුම්පත සංශෝධන සහිතව පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් සම්මත වී තිබෙනවා.

මෙම පනත් කෙටුම්පත දෙවැනි වර කියවීමේ විවාදය අද (20) පාර්ලිමේන්තුවේදී පැවති අතර විවාදය අවසානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා මේ වෙනුවෙන් ඡන්ද විමසීමක් ඉල්ලා සිටියා.

මෙහිදී පැවති ඡන්ද විමසීමේදී පක්ෂව ඡන්ද 66ක් ලැබුණු අතර විපක්ෂව ඡන්ද 24ක් හිමි වුණා.

මේ අනුව දෙවැනි වර කියවීම වැඩි ඡන්ද 42 කින් සම්මත වී තිබෙනවා.

ඉන් අනතුරුව පැවති කාරක සභා අවස්ථාවේදී ඊට අදාළ සංශෝධන එක්කිරීම සිදු කෙරුණා.

අනතුරුව තෙවැනි වර කියවීම සිදු වූ අතර සංශෝධන සහිතව ඡන්ද විමසීමකින් තොරව එය සම්මත වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?