මහ බැංකුවෙන් නිවේදනයක්

දේශීය ණය ප්‍රශස්තකරණ වැඩසටහන යටතේ අමෙරිකානු ඩොලර් අගයන් මත නිකුත් කළ ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර, රුපියල්වලින් නාමනය කළ නව භාණ්ඩාගාර බැඳුම්කරවලින් පියවීම සිදුකරන ලද බව මහ බැංකුව නිවේදනය කරනවා.

දේශීය ණය ප්‍රශස්තකරණ වැඩසටහන යටතේ සුදුසුකම් ලත් ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර, ශ්‍රී ලංකා රුපියල් වලින් නාමනය කරන ලද නව භාණ්ඩාගාර බැඳුම්කර පහක් (5) මඟින් පියවා ඇති බවයි මහ බැංකුව සඳහන් කළේ.

මුදල්, ආර්ථික ස්ථායිකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය විසින් පසුගිය ජුලි 04වැනිදා මෙලෙස ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර, රුපියල් බැඳුම්කරවලට හුවමාරු කිරීමේ යෝජනාවක් ඉදිරිපත් කරන ලද්දේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය වැඩසටහනට අදාළ දේශීය ණය ප්‍රශස්තකරණ ක්‍රියාවලියේ කොටසක් ලෙසටයි.

දේශීය ණය ප්‍රශස්තකරණ වැඩසටහන යටතේ සුදුසුකම් ලත් ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර, ශ්‍රී ලංකා රුපියල් වලින් නාමනය කරන ලද නව භාණ්ඩාගාර බැඳුම්කර පහක් (5) මඟින් පියවීම

මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය විසින් 2023 ජුලි 04 වන දින ප්‍රකාශයට පත් කරන ලද, ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර සඳහා වන හුවමාරු යෝජනාව සහ ඉන් අනතුරුව නිවේදනය කරන ලද ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර සඳහා වන හුවමාරු ආරාධනයෙහි ප්‍රතිඵලවලට අනුව, (හුවමාරු යෝජනාවේ අර්ථ දක්වා ඇති පරිදි) හුවමාරුව සඳහා සුදුසුකම්ලත් ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර (සුදුසුකම් ලත් බැඳුම්කර), නව විචල්‍ය කූපන් අනුපාතික යටතේ (නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය* +1.00%) පහත දැක්වෙන පරිදි ශ්‍රී ලංකා රුපියල් වලින් නාමනය කරන ලද නව භාණ්ඩාගාර බැඳුම්කර පහක් (5) ලෙස පරිවර්තනය කර, 2023.08.15 දින පියවීම් සිදු කරන ලදී:

Central Bank Release

*ශ්‍රී ලංකා රුපියල් වලින් නාමනය කරන ලද ඉහත නව භාණ්ඩාගාර බැඳුම්කර සම්බන්ධයෙන් කූපන් පොලී අනුපාතික ගණනය කිරීමේදී නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය යනුවෙන් අදහස් කරනුයේ, අදාළ පොලී ගෙවීමේ දිනයට දින 30කට පෙර මාස 6ක කාලයක පැවති, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කරන ලද නිත්‍ය ණය පහසුකම් අනුපාතිකයෙහි සාමාන්‍ය අගයයි. (ගණනය කිරීමේ දිනය ව්‍යාපාරික දිනයක් නොවේ නම්, එළඹෙන මීළඟ ව්‍යාපාරික දිනය ගණනය කිරීම් සඳහා සැලකිල්ලට ගත යුතුය)

** සුරැකුම්පත් හඳුනා ගැනීමේ ජාත්‍යන්තර අංකය

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10