මහ බැංකුවෙන් නිවේදනයක්

දේශීය ණය ප්‍රශස්තකරණ වැඩසටහන යටතේ අමෙරිකානු ඩොලර් අගයන් මත නිකුත් කළ ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර, රුපියල්වලින් නාමනය කළ නව භාණ්ඩාගාර බැඳුම්කරවලින් පියවීම සිදුකරන ලද බව මහ බැංකුව නිවේදනය කරනවා.

දේශීය ණය ප්‍රශස්තකරණ වැඩසටහන යටතේ සුදුසුකම් ලත් ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර, ශ්‍රී ලංකා රුපියල් වලින් නාමනය කරන ලද නව භාණ්ඩාගාර බැඳුම්කර පහක් (5) මඟින් පියවා ඇති බවයි මහ බැංකුව සඳහන් කළේ.

මුදල්, ආර්ථික ස්ථායිකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය විසින් පසුගිය ජුලි 04වැනිදා මෙලෙස ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර, රුපියල් බැඳුම්කරවලට හුවමාරු කිරීමේ යෝජනාවක් ඉදිරිපත් කරන ලද්දේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය වැඩසටහනට අදාළ දේශීය ණය ප්‍රශස්තකරණ ක්‍රියාවලියේ කොටසක් ලෙසටයි.

දේශීය ණය ප්‍රශස්තකරණ වැඩසටහන යටතේ සුදුසුකම් ලත් ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර, ශ්‍රී ලංකා රුපියල් වලින් නාමනය කරන ලද නව භාණ්ඩාගාර බැඳුම්කර පහක් (5) මඟින් පියවීම

මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය විසින් 2023 ජුලි 04 වන දින ප්‍රකාශයට පත් කරන ලද, ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර සඳහා වන හුවමාරු යෝජනාව සහ ඉන් අනතුරුව නිවේදනය කරන ලද ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර සඳහා වන හුවමාරු ආරාධනයෙහි ප්‍රතිඵලවලට අනුව, (හුවමාරු යෝජනාවේ අර්ථ දක්වා ඇති පරිදි) හුවමාරුව සඳහා සුදුසුකම්ලත් ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර (සුදුසුකම් ලත් බැඳුම්කර), නව විචල්‍ය කූපන් අනුපාතික යටතේ (නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය* +1.00%) පහත දැක්වෙන පරිදි ශ්‍රී ලංකා රුපියල් වලින් නාමනය කරන ලද නව භාණ්ඩාගාර බැඳුම්කර පහක් (5) ලෙස පරිවර්තනය කර, 2023.08.15 දින පියවීම් සිදු කරන ලදී:

Central Bank Release

*ශ්‍රී ලංකා රුපියල් වලින් නාමනය කරන ලද ඉහත නව භාණ්ඩාගාර බැඳුම්කර සම්බන්ධයෙන් කූපන් පොලී අනුපාතික ගණනය කිරීමේදී නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය යනුවෙන් අදහස් කරනුයේ, අදාළ පොලී ගෙවීමේ දිනයට දින 30කට පෙර මාස 6ක කාලයක පැවති, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කරන ලද නිත්‍ය ණය පහසුකම් අනුපාතිකයෙහි සාමාන්‍ය අගයයි. (ගණනය කිරීමේ දිනය ව්‍යාපාරික දිනයක් නොවේ නම්, එළඹෙන මීළඟ ව්‍යාපාරික දිනය ගණනය කිරීම් සඳහා සැලකිල්ලට ගත යුතුය)

** සුරැකුම්පත් හඳුනා ගැනීමේ ජාත්‍යන්තර අංකය

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අයවැය කාරකසභා විවාදය සජීවීව - 2025.12.05
10:50:02
Video thumbnail
ජනපති විපක්ෂයට කනේ ඇඟිලි ග#ගන්න දෙසයි.."කරුණාකරලා ගිහින් නඩුවක් දාන්න.."
01:44
Video thumbnail
පාර්ලිමේන්තුවම සංවේදී කරමින් ජනපති කිව්ව කතාව.."කුඩා දරුවන් තමන්ගේ කැටේ ගෙනල්ල දෙනවා"
10:32
Video thumbnail
හලාවත මුළු ටවුන් එකම හිටිහැටියේම සුන්නද්දූලි කළ බිහිසුණු සුළඟ..බෝඩ් ග#ලවන් උඩින් යයි
00:43
Video thumbnail
අජිත් පෙරේරා කුපිත වී මුළු පාර්ලිමේන්තුවම දෙවනත් කරයි..
08:23
Video thumbnail
පාර්ලිමේන්තු කතාව මැද හස්ත සංඥාවක් දීගෙනම ජනපති පාර්ලිමේන්තුවට එයි
00:45
Video thumbnail
සුජීව පාර්ලිමේන්තුවේ වීඩියෝවක් ලීක්කරයි.."ආණ්ඩුවට කිසි අත්දැකීමක් නෑ..විපක්ෂය ගණන් ගන්නෙවත් නෑ"
09:39
Video thumbnail
"වාරිමාර්ග ඇමති බයිලා ග#න්නේ නැතුව ඉල්ලා අස්වෙන්න.."චාමර සභාවේ ලෙසටම ෆයර්වෙයි
09:24
Video thumbnail
මෙන්න හදිසියේම වෙනස්වන කාලගුණයේ උඩු යටිකුරුවෙන වෙනස..
04:02
Video thumbnail
ගම්මන්පිල ජනපතිට නඩු දාන්න සැරසෙයි..නඩු දස ලක්ෂයට මුහුණ දෙනවද? තමන්ට පුළුවන් දේ කරනවද?
11:01


?