අන්තිමට මට පාරේ බැහැලා යන්න බැරිවුණා

ටෙලි නාට්‍ය හා සිනමා රංගන ශිල්පිනියක්, නිරූපණ ශිල්පිනියක් වන කාංචනා කාන් මේ වනවිට සිය නවතම චිත්‍රපටයේ රූගත කිරීම්වල නිරතව සිටියි. ස්වර්ණවාහිනියේ විකාශය වූ හදවතේ කතාව ටෙලි නාට්‍යයේ කාන්තිගේ චරිතය හරහා බොහෝ දෙනාගේ අවධානය මෑත කාලයේදී ඇයට හිමිවිය. මේ කාංචනා සමග සිදුකළ සාකච්ඡාවකි.

මේ දවස්වල වැඩකටයුතු කොහොමද?

මගේ අළුත්ම ෆිල්ම් එකේ වැඩ දැන් පටන්ගෙන තියෙන්නේ. චිත්‍රපටයේ නම ‘මේක පුදුම කතාවක්’. ඒකත් එක්ක තමයි මේ දවස්වල කාලය ගත වෙන්නේ. ඒ වගේමපහුගිය කාලේ මම අළුත් වැඩ රැසකටම දායක වුණා.

‘මේක පුදුම කතාවක්’ චිත්‍රපටය ගැන කිව්වොත්?

‘මේක පුදුම කතාවක්’ ලාල් ප්‍රියදේව මහත්මාගේ අධ්‍යක්ෂණයක්. සුනිල් ටී පෙරේරා මහත්මයා සහ තුෂාරා පෙරේරා අක්කා තමයි නිෂ්පාදනය කරන්නේ. ඒ වගේම සුනිල් ටී මහත්මාගේ 73 වන චිත්‍රපටය. ලාල් ප්‍රියදේව මහත්මාගේ 17 වන චිත්‍රපට අධ්‍යක්ෂණය. මම මේ චිත්‍රපටයේ උප ප්‍රධාන චරිතයක් නිරූපණය කරන්නේ. චරිතය ගැන කතා කළොත් මම මීට කලින් රඟ පෑ චරිතවලින් වෙනස්ම චරිතයක්. මගේ රංගන ජීවිතයේත් හැරවුම් ලක්ෂයක් කියලා කියන්නත් පුළුවන්. මම මවකගේ චරිතයක් රඟපාන්නේ. මට දරුවෝ දෙන්නෙක් ඉන්නවා සහ මගේ නංගිගේ දරුවාවත් මම හදන්නේ. මම ඒ දරුවාව හංගාගෙන වදහිංසා දීලා තමයි හදන්නේ. මුලදි මගේ චරිතය හොඳ චරිතයක් ලෙස පෙණුනත් අන්තිමට මම නපුරු චරිතයක් වනවා. චිත්‍රපටයේ කතා වෙන්නේත් දරුවන්ට සිදුවන අඩන්තේට්ටම්, වදහිංසා ගැන. ලාල් ප්‍රියදේව මහත්මා ඉතාමත් නිහතාමානී දක්ෂ අධ්‍යක්වරයෙක්. ඔහු යටතේ මම රඟපාන දෙවැනි චිත්‍රපටය තමයි මේ චිත්‍රපටය. මට උප ප්‍රධාන චරිතයක් රඟපාන පළමු අවස්ථාව මේක. මේ චිත්‍රපටයට මට ආරාධනා කළාට සුනිල් ටී මහත්මයාටත්, තුෂාරා අක්කාටත්, ලාල් ප්‍රියදේව මහත්මයාටත් ස්තූතියි කරනවා. ඒ වගේම මගේ සහෝදර රංගන ශිල්පීන්වත් ආදරයෙන් මතක් කරනවා.

මේ වෙද්දි චිත්‍රපටයේ රූගත කිරීම් අවසන් වෙලාද තිබෙන්නේ?

නැහැ. තවම රූගත කිරීම් සිදු වනවා. අපි මාස තුනක් ඇතුළත චිත්‍රපටයේ සම්පූර්ණම වැඩකටයුතු අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා.

ඔබ රඟ පෑ හදවතේ කතාව ටෙලි නාට්‍යයේ‘කාන්ති’ගේ චරිතය කතාබහට ලක්වුණු චරිතයක්. කොහොමද චරිතයට ලැබුණු ප්‍රතිචාර?

ඔව්. මම රඟ පෑ චරිතවලට හාත්පසින්ම වෙනස් චරිතයක් තමයි කාන්ති කියන්නේ. ඉතාම නපුරු, දුෂ්ට මවකගේ චරිතයක් කාන්ති කියන්නේ. ඒ චරිතයට ලැබුණු ප්‍රතිචාර ඉහළයි. හැබැයි වැඩියෙන්ම ලැබුණේ බැනුම් තමයි. මම පලතුරු ගන්න කඩේට ගියාමත් මිනිස්සු බනිනවා.කාන්තිගේ චරිතය නිසා අන්තිමට මට පාරේ බැහැලා යන්නත් බැරි වුණා. ඒ තරමටම මිනිස්සුන්ට ඒ චරිත දැනිලා තිබෙනවා. ඒ ගැන විශාල සතුටක් තිබෙන්නේ.

කෝවිඩ් වසංගතය නිසා කලාවට සිදුවුණු හානිය රංගන ශිල්පිනියක් විදිහට ඔබ දකින්නේ කොහොමද?

ඔව්. අපි වගේ වෘත්තීමය රංගන ශිල්පීන් රැසකට ඒ හානිය සෑහෙන්න බලපෑවා. අපිට විතරක් නෙවෙයි මුළු ලෝකයටම දරුණු විදිහට කඩාගෙන වැටුණානේ. හැබැයි මොන කරදර බාධක ආවත් අපි ජීවිතේ ඉදිරියට යන්න ඕනේ. අභියෝග කියන දේ අපිට හැමදාම තියෙන දෙයක්නේ. ඒ අභියෝග මැඩගෙන අපි ඉදිරියට යන්න ඕනේ. මොන දේ වුණත් අපේ වෘත්තීය අපිට නවත්වන්න බැහැ. අපි බොහෝම ආදරයෙන් ගෞරවයෙන් කලාවේ යෙදෙන්නේ. ඒ නිසා මොන කරදර ආවත් අපි අපේ ගමන යනවා. අපේ නිෂ්පාදකවරුන්ටත් අමාරු කාලයන් තිබුණා. හැබැයි ඒත් ඔවුනුත් කලාවට දායකත්වය දක්වනවා. ඉතින් ඒ නිසා මේ ගමන අපි කොහොමහරි යනවා.

සමහර ශිල්පීන් කෝවිඩ් නිසා කලාවෙන් ඈත් වුණා. අභියෝග කාලයකදී කලාවෙන් ඈත් වෙන එක හොඳයිද?

සමහරු ඈත් වුණා තමයි. මම නම් එහෙම ඈත් වුණේ නැහැ. මට ලැබුණු හැම නිර්මාණයකටම වගේ මම පහුගිය කාලේ දායක වුණා. පරිස්සම කියන දේ අපි හැමෝටම තියෙන්න ඕනේ දෙයක්. කොරොනාවලින් අපිට දීපු පණිවිඩේ තමයි පරෙස්සම් වෙන්න කියන එක. වෙනදාට අපේ තිබුණු පරෙස්සමට වඩා වැඩි පරිස්සමක් දැන් අපිට තියෙනවා. අනෙක් සහෝදර රංගන ශිල්පීනුත් වැඩ ආරම්භ කරලා තිබෙනවා.

ඔබ අද කලාවේ ඉන්න තැන පිළිබඳව තෘප්තිමත්ද?

ඇත්තටම ගොඩක් සතුටුයි. මම බොහෝම හෙමින් ගමනක් ආව කෙනෙක්. බාධක, කරදර මැදින් මම මෙතැනට ආවේ. ඒ කිසි දෙයකට මම සැලුණෙත් නැහැ බය වුණෙත් නැහැ. මම මගේ පාඩුවේ ගමනක් යන කෙනෙක්. මට නිර්මාණයක් ලැබුණාම ඒකට මම උපරිම කැප වෙනවා. මම වෙලාවට වැඩ කරනවා. ඒ දේවල් නිසා මම දායක වුණු හැම චරිතයකටම මම උපරිම සාධාරණය කරා කියලා හිතනවා. ඉතින් අද ඉන්න තැන ගැන සතුටුයි. ඉදිරියටත් මගේ ගමන මේ විදිහටම මම යනවා.

කැළුම් දේවින්ද

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
14
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටි හැටියෙම සිංහරාජයෙන් මතුවූ දුමාරය..ගම්මුන්ගේ ඇස් උඩ ගිය දර්ශනය මෙන්න
01:19
Video thumbnail
ප්‍රෙට්‍රල් දෙකක් අරගෙන හ#මුන් ගියාද?කවුද කාටද දැන් ඇ#ලා තියෙන්නේ?අර්චුනාගෙන් කතානායකට සැර කතාවක්..
03:18
Video thumbnail
අර්චුනාගෙන් උගන්ඩා අක්කට සැර හින්ට් එකක්..Underwear එකේ ඉදන් අරන් තියෙන්නේ ණයට නේද?
03:37
Video thumbnail
මෝ#යෙක් නොවී වාඩිවෙනවා ඕයි..කෝට්බෝට් දාන් හිටියට තමුන් මහ හොරෙක්..චමින්දගෙන් මහින්දට සැර සත්තමක්
02:38
Video thumbnail
කෙහෙළිය රඹුක්වැල්ලගේ වැඩිමහල් දියණිය අත්අඩංගුවට..Mask එකත් දාගෙන යන හැටි
01:31
Video thumbnail
මහින්දගේ නම ඇහුනම ගොඩක් අයට මූත්‍රා යනවා..අර්චුනාගෙන් සැර කින්ඩියක්
01:08
Video thumbnail
අද බිමල්ට මේ මිනිස්සුන්ගෙ දුක විහිළුවක් වෙලා..ආනන්ද පාලිතගෙන් සැර සත්තමක්
04:10
Video thumbnail
🔴Breaking News
01:35
Video thumbnail
හදිසි නීතිය නිසා දයාසිරි කුපිත වී පාර්ලිමේන්තුව දෙවනත් කරයි..මේ රටේ සංස්කෘතික විනාශයක් වෙන්නේ
08:09
Video thumbnail
මොන තරම් විරාජමානව වැජඹුනත් හැම කෙනාම නීතියේ හමුවට ගේනවා..ජනපතිගෙන් සැර කතාවක්
06:39


?