මහ ඉලුප්පල්ලම මහ රෑ කලබල කළ සද්දන්තයෝ

වනඅලි රංචුවක් කැකිරාව – මහ ඉලුප්පල්ලම නගරයට කඩා වැදීමෙන් ගම්වාසීන් කලබලයට පත් ව තිබෙනවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ තිදෙනෙකුගෙන් යුත් වනඅලි පිරිසක් ඊයේ (03) රාත්‍රී 09ට පමණ මෙලෙස ගම් වැදී ඇති බවයි.

මහ ඉලුප්පල්ලම නගරය හරහා වැටී ඇති කැකිරාව – තලාව ප්‍රධාන මාර්ගය හරහා ගමන් කරන එම වනඅලින්ගෙන් යතුරුපැදිකරුවෙකු ද සිය දිවි බේරාගෙන ඇත්තේ ඉතා අසීරුවෙන් බවත් ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවා.

මහ ඉලුප්පල්ලම නගරයට කඩා වැදී සිටින වනඅලි රංචුව මේ වනවිට මහඉලුප්පල්ලම පාසැල, බහු කාර්ය ගොඩනැගිල්ල හා ක්ෂේත්‍ර බෝග පර්යේෂනායතනය වැනි රාජ්‍ය ආයතන ඇතුළු ප්‍රදේශවල සැරිසරන බව වාර්තා වනවා.

මහ ඉලුප්පල්ලම නගරයට වනඅලි කඩා වැදී සිටීම හේතුවෙන් තලාව – කැකිරාව ප්‍රධාන මාර්ගයේ ගමන් ගන්නා පිරිස් ඉලුප්පල්ලම නගරය ආශ්‍රිත ප්‍රදේශයේ දී සුපරික්ෂාකාරීව ගමන් ගන්නා ලෙස ඉපලෝගම පොලිස් රථවාහන අංශය දැනුම්දීමක් කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පිස්සෙක් රජ වුණත් එකයි රජෙක් පිස්සෙක් වුණත් එකයි - කුට්ටි ආණ්ඩුවට අමතයි
Video thumbnail
මේ උඹව මකවලා යවන්නේ දැනගනින් - ගෝල්ෆේස් එකේ රඟන ෆේක් චණ්ඩි
02:39
Video thumbnail
සහෝදරයන්ගේ හදවතට කරපු කතාව - අත්පුඩියක් ගහන්න සහෝදරයා හයියෙන්
18:59
Video thumbnail
හිරුණිකා උදේ පාන්දර ආණ්ඩුවට විහිළු කරයි
33:26
Video thumbnail
බටලන්දේ අහන්න ඕන අඳුරු මතක - අපි මාර විදිහට දුක් වින්දා මහත්තයෝ
32:04
Video thumbnail
පාර්ලිමේන්තු සජිවී විකාශය - 2025.04.09
09:30:44
Video thumbnail
අනුරපුරම කම්පා කළ අනියම් පෙම - ජීවිතය නැති කරලා පාංශුකූලයත් දීලා
04:01
Video thumbnail
මාලිමාවේ මන්ත්‍රී හැමෝම හඬවා අවසන් ගමන් ගිය හැටි
18:17
Video thumbnail
ඇයි වයසක අපිව මෙහෙම රැවට්ටුවේ - වැඩි කරනවා කියපු අපේ විශ්‍රාම වැටුප කෝ
08:23
Video thumbnail
ගාන්ධිතුමාගේ සරලකම ගැන ඔබ නොදත් කතාව
03:27

?