ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ මහවැලි ආරක්ෂක අංශයේ සහකාර අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ නිලධාරියෙක් සිදු කළ ඩීසල් වංචාවක් සම්බන්ධයෙන් විගණන විමසුම් මත හෙළි ව තිබෙනවා.
2022 ජනවාරි සිට දෙසැම්බර් දක්වා රාජකාරි කළ වාහනය වෙනුවෙන් නිකුත් කරන ඉන්ධන ප්‍රමාණයට වඩා රුපියල් දස ලක්ෂ හැට තුන්දහස් නවසිය අසූ අටක (1,063,988)ක ඉන්ධන තොගයක් භාවිතා කර, අධිකාරියට සිදුකර ඇති මූල්‍යමය අලාභය අභ්‍යන්තර විගණනයකින් හෙළි වී තිබියදි පරිවාස කාලය අවසන් වීමෙන් පසු ඔහුගේ සේවය ස්ථිර කරන බවට, ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ගෙන ඇති තීරණයට මහවැලි ආරක්ෂක නිලධාරීන්ගේ දැඩි විරෝධය පළ වී තිබෙන්නේ මෙවන් පසුබිමකදී බවයි දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.
2023 මාර්තු 23 වැනිදා සිදු කරන ලද විගණන විමසුම් වාර්තාවට අදාළව කරන ලද මූලික විමර්ශන වාර්තාවට අනුව ඔහු එම කාලය තුළ ශ්‍රී ලංකා මහවැලි අධිකාරියෙන් නිල රථයට ලබාදෙන ඉන්ධනවලට අමතරව රුපියල් දස ලක්ෂ හැට තුන්දහස් නවසිය අසූ අටක ඉන්ධන තොගයක් භාවිතා කර ඇති බවට හෙළිදරව් වී තිබෙනවා.
මේ සම්බන්ධව 2023 මැයි 23 වෙනිදා පැවැති පොදු ව්‍යාපාර කාරක සභා වාර්තාවේ දී කරුණු අනාවරණය වී තිබියදි ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂ, එච්.එම්.ජේ.කේ. හේරත් මහතා විසින්, අදාළ මහවැලි ආරක්ෂක බලකායේ සහකාර අධ්‍යක්ෂවරයා අවභාවිතා කර ඇති මුදල්වලින් අඩක් ගෙවන ලෙසට ලිඛිතව දැනුම් දීමක් ද කර තිබීම හාස්‍යයට කරුණක් බව ද මහවැලි ආරක්ෂක නිලධාරීන් පෙන්වාදෙනවා.
වසරක් ඇතුළත ඉන්ධන තොගයකින් රුපියල් ලක්ෂ දහයකට වැඩි මුදලක් රජයට අලාභ හානි සිදුකර ඇති මහවැලි ආරක්ෂක අංශයේ සහකාර අධ්‍යක්ෂවරයා මේ වනවිට දිගන ප්‍රදේශයේ සේවය කරන අතර, මෙම වංචාව පිළිබඳ ව පුළුල් පරීක්ෂණයක් සිදුකර රජයට සම්පූර්ණ මුදල අයකර ගනිමින්, ඔහුට විරුද්ධව නීතිමය පියවර ගැනීමට වැඩකටයුතු කරන ලෙස
තමන් මහවැලි අමාත්‍යවරයාගෙන් සහ ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව ද මහවැලි ආරක්ෂක නිලධාරීන් ප්‍රකාශ කරනවා.
කෙසේවෙතත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් දසත ප්‍රවෘත්ති අංශය වෙත මහවැලි සංවර්ධන අධිකාරියේ ආරක්ෂක සහකාර අධ්‍යක්ෂ තරංග විජේනායක මහතා අදහස් දක්වමින් පැවසුවේ මෙකී සියලු අමතර ඉන්ධනවලට පූර්ණ අනුමැතිය එහි අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් තමන්ට හිමි වූ බවයි.
එම අතිරේක ඉන්ධන දීමනාවලට අධ්‍යක්ෂ ජනරාල්වරයා 2023 වර්ෂයේ ජනවාරි මස 10 වැනි දින අවසර ලබා දී තිබෙන බවට ද තරංග විජේනායක මහතා අප වෙත ලිපියක් යොමු කරමින් සඳහන් කළා.
















මේ වගේ news එකක් දාන්න කලින් හොදට හොයල බලන්න. ඔය කියන නිලදාරියා දක්ශ අවංක නිලදාරියෙක්. පෙර පැවති දේශපාලනය පලිගැනීමකට සිදුකරන ලද ක්‍රියාවලියක ප්‍රතිපලයක් මේක. වර්තමාන රජයේ ඉහල නිලදාරින් ගන්න නිවරදි තීරන පවා හෑල්ලුවට ලක් කරමින් පෙර පැවති පලි ගැනීම් නැවත බලපවත්වා ගැනීමෙ සමාජමතයක් ඇතිකර ගැනීමේ අරමුනින් හදපු news එකක් මේක.
ඔබ හරියට හරි
මොනහරි තොරතුරක් කවුරුහරි දුන්නම කිසිම ඉවක්බවක් නැතුව ඒවා මාධ්‍යයෙ පළ කරන මේ වගේ පුවත් මවන ගොන් ආයතන වලට විරුද්ධව නීතිමය පියවර ගන්න ඕන. නිලධාරීන්ගේ චරිතය ඝාතනය කරලා, ආයතන වල නම කැත කරලා කුණු රසය සමාජගත කරනවා කිසිම පදනමක් නැතුව.
ලැජ්ජයි දසත. ගොන් ආතල් ගන්න එපා.
මහවැලියෙ ඕන තරම් හොරකම් වෙලා තියෙනවා. ඒවා හොයලා දැම්ම නම් තමයි වැදගත්. ඔයාලට නිවුස් ලියන මහත්වරු ගැන හොඳට හොයලා බලලා ඒ මිනිස්සු දෙන නිවුස් පළ කරන්න. මොකද ඒ නිවුස් ලියන මහත්වරුන් ට පොඩි පොඩි ආතල් දුන්නම, පොඩි පොඩි සංතෝසම් දුන්නම උන් ඕනෙම බලු වැඩක් කරනවා.
ඩීසල් ගහලා තියෙන්නෙ රාජකාරි රථයට නම්, ඒ තෙල් ගහගෙන රාජකාරි කරලා තියෙනව නම්, ඒ රාජකාරි නීත්‍යානුකූල නම්, ඒ රාජකාරි වලට අධ්‍යක්ෂ ජනරාල් අනුමැතිය දීලා තියෙනව නම්, ගහපු ඩීසල් වලටත් අධ්‍යක්ෂ ජනරාල් අනුමැතිය දීලා තියෙනවා නම් කොහොමද ඩීසල් හොරකමක් වෙන්නෙ.
මේවා නිවැරදිව වැඩ කරන දක්ෂ නිලධාරීන්ට ප්ලෑන් කරලා ගහන ඒවා.
ඇත්තටම ලැජ්ජයි දසත. කොහොමද ඔයාලගෙ නිවුස් එකක් ව්ශ්වාසෙන් බලන්නෙ.
Adoo admin gon post danna epa. Me sir tama mahaweli arakshaka balakaya hadala gatte. Oya sir isthira karai kiyala bayata dana katha owa
අනුමැතිය ලැබුනාම කොල්ලයක් වෙනවාද?ගොබ්බ නිවුස් මේවා