UPDATE – කටුනායක වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා ජීවිතක්ෂයට (වීඩියෝ)

කටුනායක ප්‍රදේශයේ මීට සුළු මොහොතකට (08) පෙර සිදු වූ වෙඩි තැබීමෙන් තුවාල ලබා රෝහල්ගත කළ පුද්ගලයා ජීවිතක්ෂයට පත් ව තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්‍යාලය පවසනවා.

මෙම වෙඩි තැබීම සිදු වූයේ කොළඹ – මීගමුව පාරේ පිහිටි වෙළෙඳසැලක් තුළයි.

වෙඩි වැදීමෙන් මියගොස් ඇත්තේ 51 හැවිරිදි පුද්ගලයෙක්.

කිසියම් පුද්ගලයෙකු වෙළෙඳසැලට ඇතුළු වී මෙම වෙදිතබිම සිදුකර පළාගොස් ඇති අතර, සැකකරු පැමිණි ආකාරය සහ පිටව ගිය ආකාරය පිළිබඳව අනාවරණය වී නැහැ.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය විමර්ශන සිදු කරනවා.