බටලන්ද කොමිසමේ විවාදය අද පාර්ලිමේන්තුවේ දී

බටලන්ද නිවාස යෝජනා ක්‍රමයේ නීතිවිරෝධී රැඳවුම් ස්ථාන හා වධකාගාර පිහිටුවා පවත්වාගෙන යාම පිළිබඳ පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාව සම්බන්ධයෙන් වූ පාර්ලිමේන්තු විවාදය අද (10) පැවැත්වෙනවා.

ඒ පාර්ලිමේන්තුවේ දියි.

මෙම විවාදය දින දෙකක් පුරා පැවැත්වීමටයි කටයුතු සූදානම් කර ඇත්තේ.

ඒ අනුව එම විවාදය අද පෙරවරු 11.30 සිට පස්වරු 5.30 දක්වා පැවැත්වීමට නියමිතයි.

අදාළ කොමිෂන් සභා වාර්තාව පසුගිය මාර්තු මස 14 වන දින පාර්ලිමේන්තුවේ සභාගත කරනු ලැබුවා.

කොමිෂන් සභා වාර්තාව සම්බන්ධයෙන් දෙවන දිනයේ විවාදය මැයි මාසය තුළ පැවැත්වීමට නියමිත බව පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය සඳහන් කළා.

අද දිනයේ මෙම විවාදයෙන් පසුව පාර්ලිමේන්තුව මැයි මස 08 වන දින තෙක් කල් තැබෙනු ඇති.



අපගේ නවතම වීඩියෝ පුවත්