වෑන් රථයක් අධිබලැති විදුලි කණුවක ගැටී බිහිසුණු අනතුරක්

අනුරාධපුර – යාපනය ප්‍රධාන මාර්ගයේ පරසංගස්වැව ප්‍රදේශයේ දී අද (10) අලුයම සිදු වූ රිය අනතුරකින් කුඩා දරුවකු ඇතුළු පුද්ගලයන් තිදෙනකු තුවාල ලබා තිබෙනවා.

වවුනියාව ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක් තම ඥාතියෙකු විදෙස්ගත වීම සඳහා කටුනායක ගුවන් තොටුපළ වෙත ගොස් යළි එමින් සිටියදී වෑන් රථය මාර්ගයෙන් ඉවතට පැන විදුලි කණුවක ගැටීමෙන් මෙම අනතුර සිදු වී ඇති බවයි වාර්තාවන්නේ.

අනතුරින් තුවාල ලැබූ තිදෙනා අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා.

අනතුරින් අධිබලැති විදුලි රැහැන් සහිත විදුලි කණුවට දැඩි අලාභ හානි සිදු වී ඇති බවත් මේ හේතුවෙන් ප්‍රදේශයේ විදුලි සැපයුම ද විසන්ධි වී ඇති බවයි වාර්තා වන්නේ.

රියදුරට නින්ද යෑම අනතුරට හේතු වන්නට ඇති බව ද සැක කෙරෙනවා.

අනුරාධපුර පොලිසිය විමර්ශන ක්‍රියාත්මකයි.