රාජස්ථාන් පරදා ගුජරාට් ජය ලබයි – අද තවත් තීරණාත්මක තරගයක්

ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියේ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම පරදවා ලකුණු 58ක ජයක් ලබන්නට ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම ඊයේ (09) සමත් වුණා.

තරගය අහමදාබාද් හි දී ආරම්භ වූ අතර පළමු ව පන්දුවට පහර දුන් ටයිටන්ස් පිල කඩුලු 06ක් දැවී ලකුණු 217ක් ලබාගත්තා.

විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ සායි සුදර්ශන් ලකුණු 82ක් රැස් කළා.

ජොස් බට්ලර් හා ශාරුක් ඛාන් ලකුණු 36 බැගින් රැස් කරමින් සිය කණ්ඩායමේ ලකුණු පුවරුව ශක්තිමත් කිරීමට සමත් වුණා.

කඩුලු බිඳ දැමීමේ දී මහීෂ් තීක්ෂණ සහ ටුෂාර් දේශපාන්ඩේ කඩුලු දෙක බැගින් සහ එක් කඩුල්ල බැගින් සංදීප් ශර්මා සහ ආර්චර් විසින් බිඳ හෙලනු ලැබුවා.

ජයග්‍රහණයට ලකුණු 218ක ඉලක්කයක් හඹා ගිය රාජස්ථාන් කණ්ඩායමට සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 159ක් පමණයි.

ප්‍රසිද්ධ් ක්‍රිෂ්ණා ලකුණු 24කට කඩුලු 03ක් බිඳ දැමුවා.

රෂීඩ් ඛාන් හා සායි කිෂෝරෙ නමින් කඩුලු දෙක බැගින් ලියැවුණු අතර එක් කඩුල්ලක් බැගින් කුල්වන්ත්, අර්ෂද් ඛාන් සහ මොහොමඩ් සිරාජ්ට හිමිවුණා.

ඒ අනුව ගුජරාට් කණ්ඩායම මෙම තරග ජයත් සමග පැවති තරග 05න් 04ක් ම ජය ගෙන ප්‍රසාද ලකුණු සටහනේ මුලසුන ගැනීමට සමත් ව සිටිනවා.

මේ අතර අද (10) රාත්‍රියේ දී තවත් තීරණාත්මක තරගයක් පැවැත්වෙනවා.

ඒ රෝයල්ස් චැලෙන්ජර්ස් බැංග්ලෝර් සහ දිල්ලි කැපිටල්ස් අතර යි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56