spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මහින්ද රාජපක්ෂ නියම ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෙක්

මහින්ද රාජපක්ෂ නියම ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෙක් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ මහින්ද රාජපක්ෂ ජනාධිපති වරයාව සිටි කාලයේ පුද්ගලික ලේකම් ලෙස කටයුතු උදිත් ලොකු බණ්ඩාර පවසනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හපුතලේ සංවිධායක වන තමන් මෙම පළාත් සභා මැතිවරණයට ඉදිරිපත් නොවන නමුත් පක්ෂය දිනවීමට ඇප වී කටයුතු කරන බවට බදුල්ල දිස්ත්‍රික්කය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තරඟ වැදීමට නියමිත අපේක්ෂකයන් වෙනුවෙන් ඇප තැන්පත් කරන අවස්ථාවෙයි එසේ පවසා සිටියේ.

“මහින්ද මහත්තය කියන්නේ නියම ශ්‍රී ලංකා කාරයෙක් .එතුමා අපිට දීපු උපදේශය තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ද්‍රෝහි වෙන්න එපා කියන එක .දැන් ඔයාලා අහන්න මහින්ද මහත්තයාගෙන් පක්ෂය මොකක්ද කියලා මහින්ද මහත්තයා කියයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියලා .අපි ඉන්නේ මහින්ද මහත්තයාගේ හදවත තියෙන තැන.මහින්ද මහත්තයාගේ අතකොලු තියෙන තැන නෙවෙයි .අපි ඉන්නේ සැබෑ ශ්‍රීලංකා පක්ෂය සමග අලියට හෝ වෙන පක්ෂයකට යන්නේ නැහැ බණ්ඩාරනායක ප්‍රතිපත්ති රකින අපි බදුල්ල දිස්ත්‍රික්කයේ සියළු පළාත් පාලන ආයතන වලට ඉදිරිපත්වී ජය ගන්නවා යැයි ” ද වැඩිදුරටත් ප්‍රකාශ කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?