මහින්ද අගමැති ධුරයට පත් කිරීම ගැන හිටපු ජනපති මෛත්‍රීගෙන් පාර්ලිමේන්තුවට හෙළිදරව්වක් (වීඩියෝ)

යහපාලන රාජ්‍ය සමයේ මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍ය ධුරයට පත් කිරීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් සිදු කළා.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේ පැවැත්වෙන විවාදයට එක්වෙමින් ඔහු කියාසිටියේ ආරක්ෂක මණ්ඩලය කැඳවන ලෙසට තමාගෙන් ඉල්ලීමක් කර තමා එය නොකළ බවට වන ප්‍රකාශය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බවයි.

තමාගෙන් එලෙස ඉල්ලීමක් නොකළ බව පැහැදිළිව ප්‍රකාශ කරන බවයි ඔහු සඳහන් කළේ.

තමාට ප්‍රතිපත්තිමය වශයෙන් අගමැතිවරයා සමග කටයුතු කිරීමටට නොහැකි බැවින් අගමැති ධුරය භාරගන්නා ලෙ එවක කතානායක ලෙසට කටයුතු කළ කරු ජයසුරිය මහතාට දින 4ක් තමා කතා කළ බව ද මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළා.

අනතුරුව කරු ජයසුරිය අගමැති රනිල් වික්‍රමසිංහ සමග තමාගේ නිවසට පැමිණ සාකච්ඡා කර තමා අගමැති ධුරය භාර නොගන්නා අතර රනිල් වික්‍රමසිංහ මහතා සමගම කටයුතු කරගෙන යන ලෙසට එකඟ වූ බවයි ඔහු හෙළි කළේ.

පවතින ප්‍රතිපත්තිමය ගැටුම් හේතුවෙන් අගමැති ධුරය භාරගෙන තමා සමග කටයුතු කරන ලෙසට වත්මන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට ද ඇරයුම් කළ ද ඔහු ද ඊට අකමැති වූ බවයි මෛත්‍රීපාල සිරිසේන මහතා පෙන්වා දුන්නේ.

එක්සත් ජාතික පක්ෂයේ දෙවන නායකයාට මෙන්ම තුන්වන නායකයාට ද අවස්ථා ගණනාවකදී අගමැති ධුරය භාර ගන්නා ලෙසට ඉල්ලීම් කර ඔවුන් ඊට එකඟ නොවීම හමුවේ මහින්ද රාජපක්ෂ අගමැති ධුරයට පත් කිරීමට සිදුවූ බව හිටපු ජනාධිපතිවරයා අද පාර්ලිමේන්තුවේදී හෙළි කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
2
+1
7
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සැකකටයුතු පුද්ගලයක් දෙයක් ගැන චකිතයක් තිබ්බොත් අනිවාර්යෙන්ම පොලිසියට කියන්න
02:39
Video thumbnail
මාලිමා මන්ත්‍රී නිසා අමාරුවේ වැටුණු අනුරාධපුර ගොවීන්
10:29
Video thumbnail
උඹලා මේකට ඇවිත් හයර් ටික උස්සපුවම අපි මොනවද ගන්නේ..හයර් නිසා ඇල්ලේ ත්‍රීවීල් සෙට් එක රත්වෙයි
12:31
Video thumbnail
කෙහෙළියට වුණ දේ නලින්දටත් වෙයි
03:16
Video thumbnail
නාමල් ආපදාවලින් අසරණ වූ ළමයින්ට පොත්පත් බෙදා දෙන්න යයි."ආණ්ඩුව තාම සහන දෙන විදිය අධ්‍යයනය කරනවා"
04:13
Video thumbnail
චණ්ඩ වූ කාළගුණයෙන් පසු කඩුගන්නාවේ නවතම තත්ත්වය..කොච්චර ලස්සනට තිබ්බ තැන්ද මේ
01:05
Video thumbnail
ජනාධිපතිතුමා දීපු පොරොන්දුව බොරුවක්..?
02:20
Video thumbnail
දෙවියනේ..සෝමාවතිය පුදබිමට වෙලා තියෙන දෙයක්
00:33
Video thumbnail
සමන්තයි,සංචාරක නි.ඇමතියි සුද්දෝ එක්ක දැම්ම සුපිරි ඩාන්ස් එක
00:33
Video thumbnail
මළ ගෙදර දී නාමල් වටකරගෙන කොල්ලෝ කෙල්ලෝ සෙල්ෆි ගනී
01:56


?