මහින්ද අගමැති ධුරයට පත් කිරීම ගැන හිටපු ජනපති මෛත්‍රීගෙන් පාර්ලිමේන්තුවට හෙළිදරව්වක් (වීඩියෝ)

යහපාලන රාජ්‍ය සමයේ මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍ය ධුරයට පත් කිරීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් සිදු කළා.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේ පැවැත්වෙන විවාදයට එක්වෙමින් ඔහු කියාසිටියේ ආරක්ෂක මණ්ඩලය කැඳවන ලෙසට තමාගෙන් ඉල්ලීමක් කර තමා එය නොකළ බවට වන ප්‍රකාශය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බවයි.

තමාගෙන් එලෙස ඉල්ලීමක් නොකළ බව පැහැදිළිව ප්‍රකාශ කරන බවයි ඔහු සඳහන් කළේ.

තමාට ප්‍රතිපත්තිමය වශයෙන් අගමැතිවරයා සමග කටයුතු කිරීමටට නොහැකි බැවින් අගමැති ධුරය භාරගන්නා ලෙ එවක කතානායක ලෙසට කටයුතු කළ කරු ජයසුරිය මහතාට දින 4ක් තමා කතා කළ බව ද මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළා.

අනතුරුව කරු ජයසුරිය අගමැති රනිල් වික්‍රමසිංහ සමග තමාගේ නිවසට පැමිණ සාකච්ඡා කර තමා අගමැති ධුරය භාර නොගන්නා අතර රනිල් වික්‍රමසිංහ මහතා සමගම කටයුතු කරගෙන යන ලෙසට එකඟ වූ බවයි ඔහු හෙළි කළේ.

පවතින ප්‍රතිපත්තිමය ගැටුම් හේතුවෙන් අගමැති ධුරය භාරගෙන තමා සමග කටයුතු කරන ලෙසට වත්මන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට ද ඇරයුම් කළ ද ඔහු ද ඊට අකමැති වූ බවයි මෛත්‍රීපාල සිරිසේන මහතා පෙන්වා දුන්නේ.

එක්සත් ජාතික පක්ෂයේ දෙවන නායකයාට මෙන්ම තුන්වන නායකයාට ද අවස්ථා ගණනාවකදී අගමැති ධුරය භාර ගන්නා ලෙසට ඉල්ලීම් කර ඔවුන් ඊට එකඟ නොවීම හමුවේ මහින්ද රාජපක්ෂ අගමැති ධුරයට පත් කිරීමට සිදුවූ බව හිටපු ජනාධිපතිවරයා අද පාර්ලිමේන්තුවේදී හෙළි කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14