Empty Ad
AFC Banner
Empty Ad

මහින්දගේ ගෙදර ජල කප්පාදුව සාවද්‍යය බව මණ්ඩලයෙන් ප්‍රකාශයක්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවස පරිශ්‍රයේ පිහිටි ආරක්ෂක නිවස්නයේ ජල සැපයුම විසන්ධි කිරීම සම්බන්ධයෙන් ජාතික ජල සම්පාදන හා ජලාපහන මණ්ඩලය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම නිවේදනය රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නම් කරමින් නිකුත් කර ඇත්තේ ඊයේ (13) පස්වරුවේ දී හිටපු ජනාධිපතිවරයාගේ නිල නිවසේ ලක්ෂ 03ක් පමණ වන ජල බිල්පතක් නොගෙවීම සම්බන්ධයෙනි.

හිටපු ජනාධිපතිවරයාගේ විජේරාම මාවතේ පිහිටි නිල නිවසෙහි ජල සැපයුම විසන්ධි කර ඇති බවට මාධ්‍ය මගින් ප්‍රචාරය කර ඇති පුවත සාවද්‍ය බවයි ජල සම්පාදන මණ්ඩලය පවසන්නේ.

මෙම පුවත සම්බන්ධයෙන් පරීක්ෂා කිරීමේ දී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පදිංචි ව සිටි නිල නිවස ආසන්නයෙ ඇති වෙනත් ස්ථානයක හිඟ මුදල් නොගෙවීම නිසා අදාළ පියවර ගෙන ඇති නමුත් එම ස්ථානය හිටපු ජනාධිපතිවරයා පදිංචි නිල නිවස නොවන බව ද නිවේදනයේ සඳහන් වනවා.

මේ සම්බන්ධයෙන් අදාළ ස්ථානයේ හි දැනට සිටින හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂක අංශයේ නිලධාරියෙකුගෙන් නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (වාණිජ) විසින් කළ කරුණු විමසීමේ දී එම ස්ථානයේ හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂක අංශයේ නිලධාරීන් නේවාසිකව සිටි බවත් ඔවුන් 2024 ඔක්තෝම්බර් මාසයේ එයින් ඉවත් ව ගොස් ඇති බවත් ප්‍රකාශ කර තිබෙනවා.

එමෙන්ම එම ස්ථානයේ ජල සැපයුමෙන් හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂක නිලධාරීන් හෝ හිටපු ජනාධිපතිවරයා හෝ ජලය පරිහරණය නොකරන බවත් නිවේදනයේ සඳහන්.

මීට පෙර මෙම ස්ථානයේ ජල ගාස්තු ගෙවීම් කර ඇත්තේ ජනාධිපති ලේකම් කාර්යාලයෙන් බවයි එම මහතා වැඩිදුරටත් අවධාරණය කර ඇත්තේ.

අදාළ ස්ථානයේ හිඟ මුදල් ගෙවීම් කරන ලෙස මෙම මණ්ඩලයේ නිලධාරීන් අවස්ථා කිහිපයක දී ම ලිඛිත ව සහ වාචිකව දැනුම්දී ඇති අතර අද ඊයේ (13) දින ද මණ්ඩලයේ නිලධාරීන් එම ස්ථානයට ගොස් හිඟ මුදල් ගෙවීම් කරන ලෙස දැනුම්දී තිබෙනවා.

හිඟ මුදල් නොගෙවීම නිසා අදාළ ස්ථානයේ ජල සැපයුම විසන්ධි කරන ලද අතර මේ වනවිට අය විය යුතු හිඟ මුදල රුපියල් 429,000ක් පමණ වනවා.

ඒ අනුව මෙම ස්ථානයේ ජල සැපයුම විසන්ධි කිරීම නිසා හිටපු ජනාධිපතිවරයාට හෝ ඔහුගේ ආරක්ෂක නිලධාරීන්ට කිසිදු බාධාවක් සිදු වී නොමැති බවයි ජල සම්පාදන මණ්ඩලය නිවේදනය කරන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රටේ ලොක්කා ජනාධිපති වගේම ගමේ ලොක්කා වෙන්නේ අපේ සභාපති
08:38
Video thumbnail
නාමල් වෙනුවෙන් පණ වුණත් දෙන්නම් - හොරණදී තරුණියක් හඬා වැටෙයි
00:56
Video thumbnail
නාමල් වෙනුවෙන් පණ වුණත් දෙන්නම් - හොරණදී තරුණියක් හඬා වැටෙයි
05:10
Video thumbnail
රජයෙන් ලක්ෂ 20ක් ගන්න පුළුවන් ක්‍රමය මෙන්න
03:54
Video thumbnail
BREAKING NEWS 🔴
01:30
Video thumbnail
පුටුව ලකුණ ආණ්ඩුවට රිදෙන්න දීපු හැටි
05:57
Video thumbnail
මෛත්‍රීපාල සිරිසේනගේ සායම යවපු මහ ලේකම්
04:51
Video thumbnail
මාලිමා ආණ්ඩුව නිල නිවාස වහලා දාලා - ඒ නිල නිවාස ඔක්කොම වේයෝ කාලා
07:25
Video thumbnail
PRAHARAYA | පොදුජන එක්සත් පෙරමුණේ මහ ලේකම් ලසන්ත අලගියවන්න සහභාගිවන ප්‍රහාරය දේශපාලන වැඩසටහන
01:28:02
Video thumbnail
මන්ත්‍රීගේ බස් එක පාරේ යකා නටද්දී පොලිස් නිලධාරිණිය ඩ්‍රයිවර්ගේ කට වැහෙන්න කියපු සුපිරි කතාව
03:56

?