මහින්දගේ ගෙදර ජල කප්පාදුව සාවද්‍යය බව මණ්ඩලයෙන් ප්‍රකාශයක්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවස පරිශ්‍රයේ පිහිටි ආරක්ෂක නිවස්නයේ ජල සැපයුම විසන්ධි කිරීම සම්බන්ධයෙන් ජාතික ජල සම්පාදන හා ජලාපහන මණ්ඩලය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම නිවේදනය රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නම් කරමින් නිකුත් කර ඇත්තේ ඊයේ (13) පස්වරුවේ දී හිටපු ජනාධිපතිවරයාගේ නිල නිවසේ ලක්ෂ 03ක් පමණ වන ජල බිල්පතක් නොගෙවීම සම්බන්ධයෙනි.

හිටපු ජනාධිපතිවරයාගේ විජේරාම මාවතේ පිහිටි නිල නිවසෙහි ජල සැපයුම විසන්ධි කර ඇති බවට මාධ්‍ය මගින් ප්‍රචාරය කර ඇති පුවත සාවද්‍ය බවයි ජල සම්පාදන මණ්ඩලය පවසන්නේ.

මෙම පුවත සම්බන්ධයෙන් පරීක්ෂා කිරීමේ දී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පදිංචි ව සිටි නිල නිවස ආසන්නයෙ ඇති වෙනත් ස්ථානයක හිඟ මුදල් නොගෙවීම නිසා අදාළ පියවර ගෙන ඇති නමුත් එම ස්ථානය හිටපු ජනාධිපතිවරයා පදිංචි නිල නිවස නොවන බව ද නිවේදනයේ සඳහන් වනවා.

මේ සම්බන්ධයෙන් අදාළ ස්ථානයේ හි දැනට සිටින හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂක අංශයේ නිලධාරියෙකුගෙන් නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (වාණිජ) විසින් කළ කරුණු විමසීමේ දී එම ස්ථානයේ හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂක අංශයේ නිලධාරීන් නේවාසිකව සිටි බවත් ඔවුන් 2024 ඔක්තෝම්බර් මාසයේ එයින් ඉවත් ව ගොස් ඇති බවත් ප්‍රකාශ කර තිබෙනවා.

එමෙන්ම එම ස්ථානයේ ජල සැපයුමෙන් හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂක නිලධාරීන් හෝ හිටපු ජනාධිපතිවරයා හෝ ජලය පරිහරණය නොකරන බවත් නිවේදනයේ සඳහන්.

මීට පෙර මෙම ස්ථානයේ ජල ගාස්තු ගෙවීම් කර ඇත්තේ ජනාධිපති ලේකම් කාර්යාලයෙන් බවයි එම මහතා වැඩිදුරටත් අවධාරණය කර ඇත්තේ.

අදාළ ස්ථානයේ හිඟ මුදල් ගෙවීම් කරන ලෙස මෙම මණ්ඩලයේ නිලධාරීන් අවස්ථා කිහිපයක දී ම ලිඛිත ව සහ වාචිකව දැනුම්දී ඇති අතර අද ඊයේ (13) දින ද මණ්ඩලයේ නිලධාරීන් එම ස්ථානයට ගොස් හිඟ මුදල් ගෙවීම් කරන ලෙස දැනුම්දී තිබෙනවා.

හිඟ මුදල් නොගෙවීම නිසා අදාළ ස්ථානයේ ජල සැපයුම විසන්ධි කරන ලද අතර මේ වනවිට අය විය යුතු හිඟ මුදල රුපියල් 429,000ක් පමණ වනවා.

ඒ අනුව මෙම ස්ථානයේ ජල සැපයුම විසන්ධි කිරීම නිසා හිටපු ජනාධිපතිවරයාට හෝ ඔහුගේ ආරක්ෂක නිලධාරීන්ට කිසිදු බාධාවක් සිදු වී නොමැති බවයි ජල සම්පාදන මණ්ඩලය නිවේදනය කරන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39