මහා දුම්රිය අනතුරක් වැළකූ වතු මුරකරු

හපුතලේ සහ ඉදල්ගස්හින්න අතර ප්‍රදේශයේදී සිදුවීමට ගිය දුම්රිය අනතුරක් වළක්වා ගැනීමට ප්‍රදේශයේ පදිංචිකරුවෙකුගේ අවධානය නිසා හැකියාව ලැබී තිබෙනවා.

ඊයේ රාත්‍රී ⁣උඩරට දුම්රිය මාර්ගයේ හපුතලේ සහ ඉදල්ගස්හින්න අතර හපුතලේ දුම්රිය ස්ථානය ආසන්නයේ දී දුම්රිය මාර්ගයට විශාල මාර ගසක් කඩා වැටී ඇති බව සඳහන්.

මේ හේතුවෙන් කොළඹ සිට බදුල්ල දක්වා ධාවනය වූ දුම්රිය පැය දෙකකට ආසන්න කාලයක් ප්‍රමාද වී තිබුණා.

රාත්‍රියේ අඳුර සහ තරමක මීදුමක් පවතින මෙම මාර්ගයේ දුම්රිය ආසන්නයටම පැමිණෙමින් තිබියදි විශාල ගසක් කඩා වැටී ඇතැයි සඳහන්.

ගස කඩා වැටීම නිසා සිදු වීමට ගිය විශාල අනතුරක් ඒ අසල සිටි නිවෙස් හිමියෙකුගේ දක්ෂතාවය නිසා නතර කර ගැනීමට හැකිවූ බවයි දුම්රියේ රියදුරන් පවසන්නේ.

එම අවස්ථාව වන විට ම්රියේ විශාල පිරිසක් ගමන් කරමින් සිටි අතර මෙම නිවෙස් හිමියා දුම්රිය ඉදිරියට පැමිණ දුම්රිය නතර කරන ලෙසට දැනුම් නොදුන්නේ නම් එය ගසේ හැපී විශාල හානියක් සිදු වීමට ඉඩ තිබූ බවයි රියදුරන් ප්‍රකාශ කළේ.

ගස කඩා වැටී දුම්රිය මාර්ගය අවහිර වී තිබීම නිසා ක්ෂණිකව ක්‍රියාත්මක වූ මෙම පුද්ගලයා මෙම අනතුරු දායක තත්ත්වය දැනුම් දීම සඳහා තම ජීවිතය පිළිබඳව ද නොතකා විදුලි පන්දමක් ද රැගෙන දුම්රිය මාර්ගයට පැමිණ දුම්රිය නවතන ලෙස සංඥා කර තිබෙනවා.

ඒ හේතුවෙන් දුම්රිය නවතා ගැනීමට හැකි වූ බවයි රියදුරන් පැවසුවේ.

සිදුවීමට ගිය විශාල දුම්රිය අනතුරක් වලක්වා ගැනීමට සහය වී ඇත්තේ වතු මුරකරුවෙකු වන එච් .එම්. විජේරත්න නම් පුද්ගලයෙක්.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ දුම්රිය රියදුරු සහයකවරයා…

” ඉදල්ගස්හින්න පසු කරලා අපි කෝච්චිය ආවා. ටික දුරක් එනවිට මනුස්සයෙක් ටෝච් එකක් අරන් ඉදිරිපිටට දුවගෙන ආවා. ඒ මනුස්සයා තම ජීවිතය ගැන වත් නොසිතා තමයි ඉදිරියට දුවගෙන ආවේ. මම ඒ බව දැකලා මගේ රියදුරු මහතාට කීවා. මොකක් හරි අනතුරක් වගේ කියලා. ඒත් එක්කම රියදුරු මහතා තිරිංග ක්‍රියාත්මක කරලා දුම්රිය නවත්ව ගත්තා. මේ මනුස්සයා අත් දෙක උස්සගෙන කෑගහගෙන ඇවිත් ගසක් කඩා වැටී තිබීම අපට දැනුම් දුන්නා. පුංචි දුරකින් අපි කෝච්චිය නවත්වා ගත්තේ. බැරි වෙලාවත් මේ මනුස්සයා දැනුම් දුන්නේ නැත්නම් විශාල අනතුරක් සිදු වෙනවා. මේ අනතුරු වළක්වා ගැනීමට සහය වුනු ඔහුට අපි ස්තුතිවන්ත වෙනවා”

පසුව යුද හමුදා නිලධාරීන්ගේ ද සහය ඇතිව දුම්රිය මාර්ගය යථා තත්ත්වයට පත් කර ගැනීමට අවශ්‍ය කටයුතු කළ බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කලේ.

මෙම ගස කඩාවැටීම හේතුවෙන් රාත්‍රී කොළඹ බලා යන තැපැල් දුම්රිය ද පැය කිහිපයක් ප්‍රමාද වූ බව දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
30
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොන්ද පණ නැති නායකයෙක් අපිට ඉන්නේ..පාස්කුවේ මහ මොළකරුවෙක් නෑ..ඒක මිත්‍යාවක්
06:08
Video thumbnail
ජල ගැටලුව නිසා ජනතාවත් දැඩි පහසුතාවයට..1.5km ගිහින් මූලික අවශ්‍යතා ඉටු කරගන්නේ
03:27
Video thumbnail
පවතින කාලගුණයෙන් හැමෝම පරිස්සම් වෙන්න..ගස් කඩා වැටීම් වෙන්න පුළුවන්
03:24
Video thumbnail
ජල කප්පාදු කරන කාලය පැය කිහිපයකින් අඩු කරනවා..අප්‍රේල් මාසයට අවශ්‍ය ජල ප්‍රමාණය තියෙනවා
08:43
Video thumbnail
අනතුරකින් පාදයේ ආබාධයකයට ලක්වූ සෙබඩකට පිහිටට ආ තරුණ යුවළ
01:01
Video thumbnail
වියළි කාලගුණය හමුවේ ගාල්ලේ දැන් තත්ත්වය
00:54
Video thumbnail
බලශක්ති ඇමතිගේ පොටෝ එකක් අරන් ගමක් දෙවනත් කළ පන්දම් විරෝධතාව..පච අනුර එදා කිව්වේ බොරු..
08:33
Video thumbnail
වැඩ වර්ජනය නිසා මිනිසුන්ගේ රතු කට්ට පනියි..ඡන්දේ දීලා අපි විදින දුකක්..මාසෙකට කීයක් Strike කරනවද
03:43
Video thumbnail
PHI සෙට් එකක් අත්‍යවශ්‍ය ආහාර ගබඩා සහ වෙළඳසැල්වලට ඇවිත් දුන්න ෆුල් සුද්දය
03:58
Video thumbnail
"Private ගන්න සල්ලි නෑනේ මහත්තයෝ"..වෛද්‍ය වැඩ වර්ජනය හේතුවෙන් රෝගීන් දැඩි අපහසුතාවයට
01:44