AFC Banner
Empty Ad
Empty Ad

මහමුදුල්ලා රියාද් 20-20 පිටියෙන් සමුගනී

ඉන්දියාවට එරෙහි තරග තුනකින් සමන්විත විස්සයි විස්ස තරගාවලිය අවසන් වීමෙන් පසු තමන් ජාත්‍යන්තර විස්සයි විස්ස පිටියෙන් සමුගන්නා බව බංග්ලාදේශ තුන් ඉරියව් ක්‍රීඩක මහමුදුල්ලා රියාද් පවසනවා.

ඉන්දියාවට එරෙහිව දෙවන විස්සයි විස්ස තරගයට පෙර දිල්ලියේ පැවති මාධ්‍ය හමුවක දී මෙම තුන් ඉරියව් ක්‍රීඩකයා සිය සමුගැනීම නිවේදනය කළා.

එහිදී ඔහු සඳහන් කළේ ඔක්තෝබර් 12 වනදා පැවැත්වෙන තුන්වන විස්සයි විස්ස තරගයෙන් පසුව තමන් ජාත්‍යන්තර විස්සයි විස්ස තරග ආකෘතියෙන් සමුගන්නා බවයි.

38 හැවිරිදි වියේ පසුවන මහමුදුල්ලා රියාද් බංග්ලාදේශය වෙනුවෙන් විස්සයි විස්ස තරග 139ක් ක්‍රීඩාකර ලකුණු 2395ක් රැස්කරගෙන සිටිනවා.

ඊට අමතරව ඔහු ජාත්‍යන්තර විස්සයි විස්ස පිටියේ බිඳ හෙලා ඇති කඩුලු සංඛ්‍යාව 40ක්.

සිය සමුගැනීම නිවේදනය කරමින් ඔහු පැවසුවේ තවත් වසර දෙකකට අඩු කාලයක් තමන් එක්දින තරග කෙරෙහි අවධානය යොමු කරන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?