මහමුදුල්ලා රියාද් 20-20 පිටියෙන් සමුගනී

ඉන්දියාවට එරෙහි තරග තුනකින් සමන්විත විස්සයි විස්ස තරගාවලිය අවසන් වීමෙන් පසු තමන් ජාත්‍යන්තර විස්සයි විස්ස පිටියෙන් සමුගන්නා බව බංග්ලාදේශ තුන් ඉරියව් ක්‍රීඩක මහමුදුල්ලා රියාද් පවසනවා.

ඉන්දියාවට එරෙහිව දෙවන විස්සයි විස්ස තරගයට පෙර දිල්ලියේ පැවති මාධ්‍ය හමුවක දී මෙම තුන් ඉරියව් ක්‍රීඩකයා සිය සමුගැනීම නිවේදනය කළා.

එහිදී ඔහු සඳහන් කළේ ඔක්තෝබර් 12 වනදා පැවැත්වෙන තුන්වන විස්සයි විස්ස තරගයෙන් පසුව තමන් ජාත්‍යන්තර විස්සයි විස්ස තරග ආකෘතියෙන් සමුගන්නා බවයි.

38 හැවිරිදි වියේ පසුවන මහමුදුල්ලා රියාද් බංග්ලාදේශය වෙනුවෙන් විස්සයි විස්ස තරග 139ක් ක්‍රීඩාකර ලකුණු 2395ක් රැස්කරගෙන සිටිනවා.

ඊට අමතරව ඔහු ජාත්‍යන්තර විස්සයි විස්ස පිටියේ බිඳ හෙලා ඇති කඩුලු සංඛ්‍යාව 40ක්.

සිය සමුගැනීම නිවේදනය කරමින් ඔහු පැවසුවේ තවත් වසර දෙකකට අඩු කාලයක් තමන් එක්දින තරග කෙරෙහි අවධානය යොමු කරන බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටලු රැසක් චමල් හෙළිකරයි - භාණ්ඩාගරයේ සල්ලි තිබුණට වෛද්‍ය සැපයුම් ඒකකය අසමත්
15:20
Video thumbnail
කොළඹට ඇදහැලුණු මහ වැස්ස - ප්‍රදේශ රැසක් ජලයෙන් යටවෙයි
01:57
Video thumbnail
වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක් - ගතවූ කාලයේ මිලිමීටර 200ක වර්ෂාපතනයක්
09:06
Video thumbnail
මහ ජල ගඟෙන් වැහුණ වාද්දුව නගරය - වෙළෙඳසැල් කිහිපයක් ජලයෙන් යටවෙයි
01:25
Video thumbnail
රටට සුබයි කිව්වා..මේ වගේ අසුබ කාලයක් තේ ගොවියට ලැබිලා නෑ - ආණ්ඩුවට දැඩි චෝදනාවක්
13:53
Video thumbnail
වසර දෙක තුළ තේ කර්මාන්තයේ දැවැන්ත කඩා වැටීමක් - මිලියන 400ක ඉලක්කයට යනවා කියන්නේ හීනයක්
08:14
Video thumbnail
රාජගිරිය ප්‍රදේශයට ඇදහැලෙන මහ වැස්ස
01:56
Video thumbnail
බොහෝ ස්ථානවලට අදත් ගිගුරුම් සහිත තද වැසි - කැළඹිලි ස්වාභාවය හෙට දිවයිනෙන් ඉවතට
04:25
Video thumbnail
රුමේෂ් තරංග සංවේදී වී කිව්ව දේ - වෙනදා වගේ සතුටින් නෙවෙයි එළියට ආවේ..ඇත්තටම දුකයි
01:58
Video thumbnail
කොටි නැගිටිනවා කිව්ව අයයි අපි කොටි කිව්ව ඔක්කොම එක වේදිකාවේ එකතු වුණා - මන්ත්‍රීගෙන් සැර කතාවක්
04:50