මහනුවර ඇසළ මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහැර අද රාත්‍රියේ

අද (30) රාත්‍රීයේ මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ අවසන් රන්දෝලි මහා පෙරහැර වීථි සංචාරය කෙරේ.

මේ සදහා උඩරට, සබරගමුව ඇතුළු නර්තනාංග හා ඇලි ඇතුන් රැසක සහභාගී වන අතර පසුගිය 21 වැනි දා ඇරඹි දළදා මාළිගාවේ ඇසල පෙරහැර මංගල්‍යය සැලකෙනේනේ මෙරට මහා කලා මංගල්‍යය ලෙසයි.

මේ අතර අවසන් රන්දෝළි පෙරහැර හේතුවෙන් අද දිනය පුරා මහනුවර නගරයේ විශේෂ රථවාහන හා ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව පොලීසිය පැවසීය.පෙරහැර නැරඹීමට යන සැදැවතුන් වෙනුවෙන් විශේෂ බස් හා දුම්රිය සේවා අදත් ක්‍රියාත්මකයි. මහනුවර ඓතිහාසික ඇසළ පෙරහැර මංගල්‍යයේ 04 වැනි රන්දෝලි පෙරහර ඊයේ (29) රාත්‍රීයේ වීදි සංචාර කළා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?