මහත්වරුන්ගේ ක්‍රීඩාවට කළු පැල්ලමක් එක්කළ එංගලන්ත ක්‍රීඩකයාට තහනමක්

එංගලන්ත ක්‍රිකට් පාලකයන් විසින්සිදුකළ දූෂණ විරෝධී පරීක්ෂණයකින් අනතුරුව, ක්‍රිකට් ක්‍රීඩක බ්‍රයිඩන් කාර්සේට ක්‍රිකට් තහනමක් පනවා තිබෙනවා.

ඔහුට මාස 16ක ක්‍රිකට් තහනමක් පනවා ඇති අතර, එම තහනමෙන් මාස 13ක තහනම වසර 02කට අත්හිටුවා ඇති බවයි වාර්තා වුණේ.

2017 සහ 2019 අතර කාලය තුළ ක්‍රිකට් තරඟ සඳහා ඔට්ටු 303ක් තැබීම සම්බන්ධයෙන් මෙම 28 හැවිරිදි ක්‍රීඩකයාට එරෙහිව චෝදනා එල්ල වී තිබුණා.

එලෙස එල්ල වූ චෝදනාවන් පිළිගෙන විමර්ශනය පුරාම ක්‍රිකට් පාලකයන් සමඟ ඔහු සහයෝගයෙන් කටයුතු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් රයිඩන් කාර්සේට සම්බාධක තීරණය කිරීමේ දී අනෙකුත් සැළකිව යුතු අවම කිරීමේ සාධක සළකා බලා තිබෙනවා.

ඒ, අනුව ඔහුට 2024 මැයි 28 සහ 2024 අගෝස්තු 28 අතර ඕනෑම ක්‍රිකට් ක්‍රීඩාවකට ක්‍රීඩා කිරීම අත්හිටුවා ඇති බවයි වාර්තා වන්නේ.

කාර්සේ ඉදිරි වසර දෙක තුළ දූෂණ විරෝධී නීතිවලට පටහැනිව කිසිදු වරදක් සිදුනොකරනු ඇතැයි අපේක්ෂා කෙරෙන අතර,
ඒ, අනුව ඔහු තවදුරටත් දඬුවම්වලට මුහුණ නොදෙනු ඇති බව සඳහන්.

එංගලන්තය වෙනුවෙන් සුදු පන්දු ජාත්‍යන්තර තරග 17ක ප්‍රවීණයෙකු වන කාර්සේ දකුණු අප්‍රිකාවේ උපන් අයෙක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
4
+1
1
+1
3
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10