මහජන උපයෝගිතා කොමිසමේ හිටපු සභාපති ඝාතනයට කොන්ත්‍රාත්තුවක් ?

මහජන උපයෝගිතා කොමිසමේ හිටපු සභාපති, ව්‍යාපාරිකයෙකුවන ජනක රත්නායක ඝාතනය නොකිරීම සඳහා සංවිධානාත්මක අපරාධ කල්ලියක් රුපියල් ලක්ෂ 15ක කප්පම් මුදලක් ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි කොළඹ ප්‍රදේශය භාර උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළා.

ඩුබායි රටේ සැඟව සිටින ‘බ්ලූමැන්ඩල් සංඛ’ නැමැති අපරාධ කල්ලි සාමාජිකයා එම කප්පම් මුදල් ලබාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ඊයේ (16) පෙරවරු 7.10 ත් 9.00 ත් අතර කාලය තුළ බ්ලූමැන්ඩල් සංඛ යනුවෙන් හඳුන්වා දුන් පුද්ගලයෙක් දුරකථනයෙන් අමතා, තමන්ව ඝාතනය කිරීම සඳහා රුපියල් ලක්ෂ 80ක කොන්ත්‍රාත්තුවක් ලබා දී ඇති බවත්, එම කොන්ත්‍රාත්තුව ඔහු විසින් ඉටු නොකරන බවත් ඒ සඳහා රුපියල් ලක්ෂ 15ක් අවශ්‍ය බවත් දැනුම් දුන් බව, ජනක රත්නායක පොලිසිය හමුවේ පවසා ඇති බවයි වාර්තා වන්නේ.

එකී ඇමතුම අනුව පැමිණිලිකරුවන ජනක රත්නායක තම කාර්යාලයේ තිබූ මුදල්වලින් රුපියල් ලක්ෂ 15ක මුදලක් තමන්ට ඇමතුම් ලබාදුන් පුද්ගලයා වෙත ලබාදෙන ලෙසට සේවකයෙකුට දැනුම්දී තිබූ බව ද පොලිසිය පවසනවා.

ඒ, අනුව එම සේවකයා විසින් ජනක රත්නායක ලබාදුන් විස්තරවලට අනුව කිරුළපන පෞද්ගලික බැංකුවක් ඉදිරිපිට දී මෝටර් රථයකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකුට අදාළ රුපියල් ලක්ෂ 15ක මුදල ලබාදුන් බව පවසමින් ඊයේ (16) දහවල් කිරුළපන පොලිසිය වෙත පැමිණිල්ලක් කර තිබූ බවයි උසස් පොලිස් නිලධාරියා වැඩිදුරටත් පවසා ඇත්තේ.

මේ සම්බන්ධයෙන් විශේෂ විමර්ශනක් පැවැත්වීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් ඊයේ (16) දහවල් ප්‍රදේශය කීපයකට පිටත්ව ගොස් ඇති බව අදාළ උසස් පොලිස් නිලධාරියා පැවසුවා.

මීට පෙර අවස්ථාවක ද ජනක රත්නායකගෙන් ‘බ්ලූමැන්ඩල් සංඛ’ නැමැත්තාගේ කණ්ඩායමට රුපියල් ලක්ෂ ගණනාවක කප්පම් මුදල් ලබාගෙන ඇති බවද පොලිස් ආරංචිමාර්ග සඳහන් කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
8
+1
22
+1
2
+1
2
+1
5
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සැකකටයුතු පුද්ගලයක් දෙයක් ගැන චකිතයක් තිබ්බොත් අනිවාර්යෙන්ම පොලිසියට කියන්න
02:39
Video thumbnail
මාලිමා මන්ත්‍රී නිසා අමාරුවේ වැටුණු අනුරාධපුර ගොවීන්
10:29
Video thumbnail
උඹලා මේකට ඇවිත් හයර් ටික උස්සපුවම අපි මොනවද ගන්නේ..හයර් නිසා ඇල්ලේ ත්‍රීවීල් සෙට් එක රත්වෙයි
12:31
Video thumbnail
කෙහෙළියට වුණ දේ නලින්දටත් වෙයි
03:16
Video thumbnail
නාමල් ආපදාවලින් අසරණ වූ ළමයින්ට පොත්පත් බෙදා දෙන්න යයි."ආණ්ඩුව තාම සහන දෙන විදිය අධ්‍යයනය කරනවා"
04:13
Video thumbnail
චණ්ඩ වූ කාළගුණයෙන් පසු කඩුගන්නාවේ නවතම තත්ත්වය..කොච්චර ලස්සනට තිබ්බ තැන්ද මේ
01:05
Video thumbnail
ජනාධිපතිතුමා දීපු පොරොන්දුව බොරුවක්..?
02:20
Video thumbnail
දෙවියනේ..සෝමාවතිය පුදබිමට වෙලා තියෙන දෙයක්
00:33
Video thumbnail
සමන්තයි,සංචාරක නි.ඇමතියි සුද්දෝ එක්ක දැම්ම සුපිරි ඩාන්ස් එක
00:33
Video thumbnail
මළ ගෙදර දී නාමල් වටකරගෙන කොල්ලෝ කෙල්ලෝ සෙල්ෆි ගනී
01:56


?